IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


Toyota ලංකා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවක

ලොව ප්‍රමුඛ Toyota සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota ලංකා සමාගම ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් පසුගියද‌ා නව සබඳතාවකට එළැඹියේය.

මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයින්ට ඉතා කඩිනමින් හා පහසුවෙන් ඔවුන්ගේ රථවාහන ගැටළු විසඳා ගැනීම සඳහා පරිපූර්ණ රක්ෂණාවරණයක් ලබා දීමට TOYOTA සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්‍රියා කරන බව එම සමාගම් සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ එම අවස්ථාවට පාර්ශව ද්විත්වයම නියෝජනය කරමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සහ ඛධඛක්‍ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 10 ට අඩු TOYOTA නවතම (Brand New) හෝ භාවිතා කළ (Reconditioned) රථ වාහනයක් හිමි ඕනෑම පාරිභෝගිකයකු මෙම සුවිශේෂී රක්ෂණ දීමනා සඳහා සුදුසුකම් ලබයි. Toyota රථවාහන පාරිභෝගිකයන් සඳහාම වෙන්වූ සුවිශේෂී රක්ෂණාවරණයක් වන මේ හරහා, ප‍්‍රතිලාභ රැසක් හිමි වේග මේ හරහා Toyota ලංකා විසින් සිදුකරන රථවාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී වාහනයේ අයිතිකරු විසින් කිසිඳු දායකත්වයක් ගෙවිය යුතු නොවන අතරල එම සියලුම දායකත්ව LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් රක්ෂණ හිමිකරුවන් වෙනුවෙන් සිදුකරනු ලබයි. මීට අමතරවල රුපියල් 250,000ට වැඩි (ශ්‍රම ගාස්තු) රථවාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් සඳහා සුවිශේෂී ගාස්තු රහිත සේවා ලෙස Wheel alignment,wheel balancing,interior cleaning,polishing,head lampadjusting සහ Vehicle Washing වැනි සේවා හිමිවේ.

රථවාහන අනතුරු සඳහා වූ කඩිනම් සහ පහසු ක්‍රියාවලියක් සඳහා මෙම රක්‍ෂණ විසඳුම ඉවහල් වන අතරල මේ හරහා පාරිභෝගිකයාට ඉතා සැහැල්ලුවෙන් සහ පහසුවෙන් සිය රථවාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකර ගත හැකිල සියයට සියයක් විශ්වාසනීය හා පරිපූර්ණ රක්ෂණාවරනයක වාසි අත්විඳිය හැකිය.



අදහස් (0)

Toyota ලංකා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 328 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site