IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Three Sinha Industries විමසීම් කළමනාකරණ පද්ධතිය INCO සම්මාන දිනයි

Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 
කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන ඔවුන් පසුගිය කාලය පුරා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් ලබා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුගත වීම වෙනුවෙන් තත්ව සහතික රැසක් දිනා ඇති එම සමාගම සම්මාන සහ වෙනත් ඇගැයීම් රැසක්ද ලබා තිබේ. 
Three Sinha Industriesසමාගම නේවාසික, වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් සපයයි. Roller Doors, Shutters, Fire-resistant Doors, Aluminium Fabrications, Sensor-operated Doors, Automatic Barriers ඒ අතර ප්‍රධාන වේ. ආරක්ෂාව, කල් පැවැත්ම, භාවිත කිරීමේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරමින් ඒවා නිපදවා  ඇත. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම On Grid, Off Grid, Hybrid  යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. Pre-fabricated සහ Pre-engineered යන ඛාණ්ඩ දෙකට අයත් වානේ ඉදි කිරීම් සේවා සපයන IKLO Industries එම සමාගමට අනුබද්ධ සමාගමකි. කාර්යක්ෂමතාව සහ අනුවර්තන හැකියාව ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදි කිරීම්ද කරයි (SLIDA). එසේම එම සමාගම ඉදි කිරීම් කොන්ත්‍රාත්තුද භාර ගනී. කෘෂිකාර්මික ක්ෂේත්‍රයටද පිවිස ඇති එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැළපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි රැසක් හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සැපයුම්කරුවෙක්ද වේ.

 



අදහස් (0)

Three Sinha Industries විමසීම් කළමනාකරණ පද්ධතිය INCO සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site