Prime Residencies  සමාගම ‘The Prime Colombo’ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීම (Pre-launch) පසුගියදා නිවේදනය කළේය. කොළඹ 09 බේස්ලයින් පාරට මුහුණලා මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ.‘Smarter way to own Colombo’ යන සංකල්පය මූලික කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, ස්ථානය, ගෘහ නිර්මාණාත්මක සැලසුම සහ දීර්ඝකාලීන වටිනාකම යන සියලු‍ තීරණාත්මක සාධක එකම ව්‍යාපෘතියක් තුළ සුසංයෝග කරන සහ නූතන නිවාස හිමිකාරීත්වය සහ දේපළ ආයෝජනය නව මානයක් වෙත රැගෙන යන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ. 
කොළඹ නගරයේ වාණිජමය අතින් මෙන්ම පහසුකම් අතින් බෙහෙවින් වැදගත් වන කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට සමීපව මෙම නව ව්‍යාපෘතිය ඉදි වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදි වන ස්ථානයේ සිට ඉක්මනින් හා පහසුවෙන් ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය වැනි රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙත ඉක්මනින් ළඟා විය හැක. ව්‍යාපාරික කේන්ද්‍ර සහ ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා තිබීමට අමතරව, කොළඹ මහ රෝහල, රිජ්වේ ආර්යා රෝහල, ජාතික දන්ත වෛද්‍ය රෝහල සහ ආසිරි සෙන්ට්‍රල් රෝහල වැනි රෝහල්, නවීන සාප්පු සංකීර්ණ සහ නූතන නාගරික ජීවන රටාවට අත්‍යවශ්‍ය වන තවත් පහසුකම් රාශියක් මීට ආසන්නව පිහිටා තිබේ. මේ නිසා ‘The Prime Colombo’  හි පදිංචිකරුවන්ට තම ජීවන රටාව අර්ථවත් කරන දේවල් වෙනුවෙන් වැඩි කාලයක් කැපකිරීමට හැකි වනු ඇත. 
නවීනතම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්වලට අනුව මහල් තිස් නවයකින් යුක්තව ඉදි වන ‘The Prime Colombo’ ව්‍යාපෘතිය, නාගරික පදිංචිකරුවන්ගේ ජීවන අවශ්‍යතා සපුරාලන සියලු‍ පහසුකම් සමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන සුඛෝපභෝගී ජීවන අවකාශයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙහි මූලික සැලසුම, ගොඩනැගිලි ව්‍යුහය, ඉඩකඩ, පොදු අවකාශ සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු සියල්ල සැලසුම් කර ඇත්තේ, සෑම ව්‍යාපෘතියක්ම එහි ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය නිරවද්‍ය ලෙස සහ උසස්ම ප්‍රමිතියෙන් යුතුව ක්‍රියාවට නැංවීම සඳහා Prime Lands Residencies PLC දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරමිනි. 
The Prime Colombo ව්‍යාපෘතියට ලංකාවේ වැඩිම උසකින් පිහිටි බාහිර ව්‍යායාම මධ්‍යස්ථානය  (Outdoor gym) සහ  pickleball ක්‍රීඩා පරිශ්‍රය ඇතුළත් වී තිබේ. මේ නිසා මහල් තිස් නවයක් ඉහළට හාත්පස මනරම්ව දිස්වන නගරයේ සුන්දරත්වය සිත් සේ අත්විඳිමින් ව්‍යායාම්වල යෙදීමටත් pickleball ක්‍රීඩාවෙන් විනෝද වීමටත් නිවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇත.