
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවලින් ඔබ්බට යාමේ අරමුණ ඇතිවය. SLIM DIGIS 2.6 තුළින් නිර්මාණශීලිත්වය, නිවැරදි උපාය මාර්ග, දත්ත සහ තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රතිඵල පෙන්වූ සන්නාම, වෙළෙඳ ප්‍රචාරණ ආයතන, අලෙවිකරුවන් මෙන්ම ඩිජිටල් ක්ෂේත්‍රයේ නව නිපැයුම්කරුවන් ඇගයීමට ලක් කරයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් SLIM සභාපති ඉනෝක් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය අද වන විට නව අදහස්, දත්ත මත පදනම් වූ උපායමාර්ග සහ තාක්ෂණික නවෝත්පාදන හරහා වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. එවැනි පසුබිමක ව්‍යාපාරවලට සැබෑ ප්‍රතිඵල ලබාදුන් දක්ෂයන් සහ කණ්ඩායම් ඇගයීමට SLIM DIGIS 2.6 සුවිශේෂී වේදිකාවක් සපයයි. මෙවර ජාත්‍යන්තර තරගකරුවන්ටත් අයදුම් කිරීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් දක්ෂතා ගෝලීය මට්ටමේ ඇගයීමකට යොමු කරන වැදගත් පියවරකි. නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, තරගකාරී සහ අනාගතයට සූදානම් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට SLIM නිරන්තරයෙන් කැපවී සිටිනවා.”
“ඩිජිටල් තාක්ෂණය අද තවදුරටත් සාමාන්‍ය සන්නිවේදන නාලිකාවක් පමණක් නොව, ව්‍යාපාරික වර්ධනය, ප්‍රසිද්ධිය සහ පාරිභෝගික සම්බන්ධතාව ඉදිරියට ගෙන යන ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබෙනවා. SLIM DIGIS 2.6 හරහා අප ඇගයීමට ලක් කරන්නේ ඩිජිටල් ක්‍රමවේද භාවිත කරමින් සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල සහ බලපෑමක් ඇති කළ වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන්, සන්නාම සහ ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්වයි. ශ්‍රී ලංකාවේ එකම ඩිජිටල් අලෙවිකරණ සම්මාන වේදිකාව ලෙස, එවැනි විශිෂ්ටත්වය හඳුනාගෙන කර්මාන්තයේ ප්‍රමිති තවදුරටත් ඉහළ නැංවීමට දායක වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්,” යනුවෙන් SLIM හි ව්‍යාපෘති සහ තිරසාර සංවර්ධන උප සභාපති රාජිව් ඩේවිඩ් මහතා පැවසීය.
“SLIM ආයතනය තුළ ඩිජිටල් අලෙවිකරණ අධ්‍යාපනයේ සිදුවන ශීඝ්‍ර වර්ධනයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඩිජිටල් කුසලතා සඳහා ඇති අවශ්‍යතාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ශ්‍රී ලංකාවේ පිළිගත් එකම ඩිජිටල් අලෙවිකරණ සම්මාන වේදිකාව ලෙස SLIM DIGIS ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙයි. විනිවිදභාවයෙන් යුත් ඇගයීම් ක්‍රියාවලියක් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මත මෙම සම්මාන උළෙල ගොඩනැගී තිබීම, එහි ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරයි,” යනුවෙන් SLIM හි අධ්‍යාපන සහ පර්‌යේෂණ උප සභාපති මන්තික රණසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් SLIM DIGIS 2.6 හි ව්‍යාපෘති සභාපති සිරිමෙවන් සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කළේය. “DIGIS 2.6 හි ව්‍යාපෘති සභාපතිවරයා ලෙස, මෙවර තේමාව වන ‘The Mission to Extraordinary’ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වනවා. අලුත් දේ සොයා යාම සහ සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගැනීම යන අදහස් මත ගොඩනැගුණු මෙම තේමාව, සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් ලෙස සිතීමට, නිර්භීතව නවෝත්පාදනය කිරීමට සහ ඩිජිටල් අලෙවිකරණය හරහා කළ හැකි දේ නැවත අර්ථ ගැන්වීමට ක්ෂේත්‍රයට කරන ආරාධනයක් ලෙස සැලකිය හැකියි. DIGIS 2.6 හරහා අපගේ දැක්ම වන්නේ විශිෂ්ටත්වය ඇගයීම පමණක් නොව, ඩිජිටල් පරිවර්තනය සහ නිර්මාණශීලී නායකත්වය සඳහා මීළඟ පරම්පරාව දිරිමත් කරන වේදිකාවක් නිර්මාණය කිරීමයි.”
“ඩිජිටල් ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස් වන මේ යුගයේ, SLIM DIGIS 2.6 තුළින් අපගේ අරමුණ වන්නේ නව අදහස්, නිර්මාණශීලී ක්‍රියාත්මක කිරීම් සහ ඩිජිටල් නවෝත්පාදන හරහා අනාගතය හැඩගස්වන දක්ෂයන් ඇගයීමයි. සාම්ප්‍රදායික සීමා අභිබවා යන චින්තකයන්, නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයන්ට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඩිජිටල් සම්මාන වේදිකාව මත තම හැකියාව පෙන්වීමට මෙය සුවිශේෂී අවස්ථාවකි,” යැයි SLIM DIGIS 2.6 හි ප්‍රධාන විනිශ්චයකරු ශලේන්ද්‍ර මෙන්ඩිස් මහතා පැවසීය.
“SLIM DIGIS 2.6 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යන සුවිශේෂී වේදිකාවක් ලෙස හඳුන්වා දිය හැකියි. අද ඩිජිටල් අලෙවිකරණය ව්‍යාපාරික පරිවර්තනය, වර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙනවා. මෙවර තරගය ඉහළ ප්‍රමිතියක් මත ක්‍රියාත්මක වන අතර, දත්ත මත පදනම් වූ උපායමාර්ග, තාක්ෂණික හැකියාව සහ මැනිය හැකි ප්‍රතිඵල ඇති කරන ප්‍රචාරණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට ක්ෂේත්‍රයට නව අභියෝගයක් ලබා දෙනවා. දේශීය දක්ෂතා ශක්තිමත් කරමින්, ඒවා ජාත්‍යන්තර ප්‍රමිති සමග සම්බන්ධ කිරීමට SLIM නිරන්තරයෙන් කැපවී සිටිනවා. එබැවින් අනාගතය හැඩගස්වන නිර්මාණ සහ ජයග්‍රහණ ඉදිරිපත් කරන ලෙස සියලුම වෙළෙඳ දැන්වීම් ආයතනයන්ට සහ සන්නාමවලට මම ආරාධනා කරනවා,” යනුවෙන් SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd