IMG-LOGO

TECNO මොබයිල් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිසෙයි TECNO Spark 6 Go දුරකථනය දැන් දිවයින පුරා

TECNO Mobile සිය ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය වන Spark 6 Go හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොළට පසුගියදා පිවිසියේය. චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන තාක්ෂණයෙහි ඉදිරියෙන්ම සිටින TRANSISSION Holdings සමූහයේ ප්‍රමුඛතම සන්නාමයක් වන TECNO Mobile ජාත්‍යන්තර වෙළඳපොළේ වේගයෙන් ඉදිරියට යමින් සිටින අතර, 2020 වර්ෂයේ දී international Data Corporation විසින් ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සන්නාම 10 අතරට ද ශ්‍රේණිගත කරන ලදී.

පුළුල් අලෙවි නියෝජිත ජාලයක් හරහා සිය නිෂ්පාදන රට පුරාම අලෙවි කිරීමට TECNO Mobile කටයුතු කරන අතර, අති නවීන තාක්ෂණයෙන් නිපදවන උසස් ප්‍රමිතියේ ස්මාර්ට් ජංගම දුරකථන පහසු මිලට මෙරට පාරිභෝගිකයන් වෙත සපයයි.

TECNO Mobile සමාගමේ ශ්‍රී ලංකාවේ අලෙවි කටයුතු භාර කළමනාකරු වශයෙන් කටයුතු කරන Ray Zhao මෙසේ සිය අදහස් දැක්වීය. අපගේ නව්‍යකරණ නිපැයුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතට පත්කරන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක් සිදුකරන්නට TECNO Mobile සමාගමට හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා. අපගේ විශිෂ්ට සේවාව, අති නවීන නිෂ්පාදන තාක්ෂණය වගේම පාරිභෝගිකයාට පහසු මිල ගණන් නියම කිරීම වැනි කරුණු ඒ වෙනසට ප්‍රධාන වශයෙන්ම හේතුවනු ඇතැයි අපි කල්පනා කරනවා. Expect Moreයනු අපගේ ව්‍යාපාර ආදර්ශ පාඨයයි. නවීන යුගයේ ජංගම දුරකථන පාරිභෝගිකයාගේ සන්නිවේදන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් විශිෂ්ටතම තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීම අපගේ සාර්ථකත්වයෙහි පදනමයි. එම විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන ශ්‍රී ලාංකික ඔබ අතට පත්කරන්නට ලැබීම ගැන අපට ආඩම්බරයි.”

මෙ‍රට වෙළෙඳපොළට හඳුන්වාදෙන ප්‍රථම TECNO Mobile ස්මාර්ට් ජංගම දුරකථනය වනSPARK 6 Go අඟල් 6.52 HD +Drop තිරයකින් සමන්විත අතර, 5000 mAh බැටරියකින් යුක්තය. මෙම දුරකථනය -32GB+2GB සහ 64GB+3GB වශ‍යෙන් memory ධාරිතා විසඳුම් දෙකකින් තෝරා ගැනීමට හැකියාව තිබේ. SPARK 6 GO ස්මාර්ට් දුරකථනය 8MPඉදිරි කැමරාවකින් සහ 13MP පසුපස කැමරා ද්විත්වයකින් (ෆ්ලෑෂර් දෙක) සමන්විත වේ. Al Scene detection Al Beautification වැනි ස්මාර්ට් features ද මෙම දුරකථනය සතුවේ.HiOS 6.2 TECNO මෙහෙයුම් පද්ධතියක් සතු SPARK 6 GO ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කරන්නාට ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාකාරීත්වයන් රැසකින් සමන්විත වේ. උදාහරණයක් වශයෙන් SPARK 6 GOස්මාර්ට් ජංගම දුරකථනය සමග බ්ලූටූත් ස්පීකර්/ ඉයර්ෆෝන් 3ක් සම්බන්ධ කළ හැකි අතර, හිත මිතුරන් සමග ද සංගීතය රසවිඳීමට වැඩි පහසුවක් ලබා දෙයි. මෙහි තිබෙන Social Turbo පහසුකම නිසා වට්ස් ඇප් චැට් කිරීම වඩාත් විනෝදජනක කරන අතර, ඊටDIY emoji පහසුකම් සම්බන්ධ කර තිබේ. එමෙන්ම ඇමතුම් ලැබීමේ දී flashing වන නිසා ඊට තවත් පාරිභෝගික ආකර්ෂණය හිමිව ඇත. Face recognition සහ fingerprint unlocking විසඳුම් සමගSPARK 6 Go ස්මාර්ට් ජංගම දුරකථනය lce jadeite හා Aqua Blue වර්ණවලින් මිලදී ගත හැක.

 



අදහස් (0)

TECNO මොබයිල් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිසෙයි TECNO Spark 6 Go දුරකථනය දැන් දිවයින පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 27 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 30 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 19 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 19 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්
2025 මැයි මස 14 9 0

එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට
2025 මැයි මස 14 13 0

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1426 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site