කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය හිමි TAL ලංකා හොටේල්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.8ක් (රුපියල් 1,871,429,980ක්) රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම කොටස් 108 කටම අලුතින් කොටස් 42 ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. මෙහිදී නිකුත් කෙරෙන කොටස් ප්‍රමාණය 66,836,785 ක් වන අතර, එක් කොටසක් රුපියල් 28ක් බැගින් නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් 1,871,429,980කි.
සමාගම දැනට ලබා ගෙන ඇති ණය මුදල්වලින් කොටසක් නැවත ගෙවීමට / පෙර ගෙවීමට සහ ටාජ් සමුද්‍රා හෝටලයේ අලුත්වැඩියා කිරීම් කොටසක් සඳහා වන මූල්‍ය පහසුකම් වෙනුවෙන් මෙන්ම සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති මුදල් පියවීම සඳහා සහ මෙහෙයුම් වියදම්, වෘත්තීමය ගාස්තු, නීතිගාස්තු ඇතුළු වියදම් වෙනුවෙන් මෙම මුදල් යොදවා ගන්නා බවත් සමාගම පවසයි. මෙම නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවිය යුතු බවත් සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd