ගම්පහ - තිලකරත්න දිසානායක


මෙරට ජනප්‍රියතම පිරිමි ඇඳුම් සන්නාමය වන Signature හි නවතම ශාඛාව ගම්පහ නගරයේදී ඉකුත්දා විවෘත කෙරිණි. 

පිරිමි විලාසිතා පුරෝගාමී සන්නාමයක් වන Signature හි 11 වැනි ශාඛාව ලෙසින් ගම්පහ - කොළඹ පාරේ අංක 128/1 දරණ ස්ථානයේ නව ප්‍රදර්ශනාගාරය, විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක සහ ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග යන මහත්වරුන් ඇතුළු Signature ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදු කෙරිණි. 

මෙහිදී Signature කළමනාකාර අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගික වෙළෙඳාම් ආවරණ පරාසය ව්‍යාප්ත කිරීමේ උත්සාහය යටතේ Signature සන්නාමය යටතේ නවීන විලාසිතාවලට අනුව උසස්ම ප්‍රමිතියෙන් යුත් ඇඟලු‍ම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ටද අවස්ථාව හිමිවන බවත් Formal, Ceremonial, Casual, Smart Casual, Linen සහ Party wear ඇතුළු විවිධ වර්ගවලට අයත් ඇඳුම් කට්ටල, කමිස, බ්ලේසර් සහ කලිසම් වර්ග රාශියක් මෙන්ම ලෙදර් නිෂ්පාදන පාවහන් සහ පිරිමි පළඳනා වර්ග රාශියක්ද මෙම ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැකි බවත් සඳහන් කළේය. 

තවද Signature හි ප්‍රමුඛතම පිරිමි ඇඟලු‍ම් සන්නාමය වන icon යටතේ පැමිණෙන ඇඟලු‍ම්වල අමතරව Her Choice සන්නාමය යටතේ පැමිණෙන කාන්තා ඇඟලු‍ම්, Signature Junior ළමා ඇඟලු‍ම් සහ Campus පාවහන් ආදිය මෙම ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැකි වන බැවින් මුළු පවුලේම ප්‍රියතම සාප්පු සවාරි ගමනාන්තයක් වන බවට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය. 

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ආයතනයේ සාමාන්‍යාධිකාරී රනිෂ්ක නිලංගරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.