
ශ්රී ලංකාවේ ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමයක් වනSignature, සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාරයක් මාතලේ නගරයේදී පසුගියදා විවෘත කරන ලදී. අංක 23, 25, ප්‍රින්ස් වීදිය, මාතලේ යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ශාඛාව Signature සන්නාමයේ 10 වැනි ප්‍රදර්ශනාගාරයයි.
මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ සාමාන්‍ය ඇඳුම්, කාර්යාල ඇඳුම්, උත්සව සඳහා ඇඳුම්, ඇඳුම් කට්ටල ලිනන්, කමිස, බ්ලේසර් සහ කලිසම් ආදීයේ විශාල පරාසයක Signature සන්නාමයේ පිරිමි ඇඟලුම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප්‍රදර්ශනාගාර තුළ පුළුල් පරාසයක ලෙදර් නිෂ්පාදන සහ තමන් අපේක්ෂා කරන විලාසිතාවලට වඩාත් ගැළපෙන පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලැබී ඇත.
මේ පිළිබඳ සිය අදහස් දැක්වූ Signature සන්නාම අධ්‍යක්ෂක අම්ජාඩ් හමීඞ් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ වැඩිම විශ්වාසයක් හිමි පිරිමි ඇඳුම් සන්නාමයක් ලෙස Signature නව ප්‍රදර්ශනාගාරයක් මාතලේ නගරයේදී විවෘත කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. මේ හරහා මාතලේ ඇතුළත මෙන්ම කොළඹින් පිටතත් වෙසෙන අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අපට අවස්ථාව හිමි වෙනවා. මෙම නව ශාඛාව සමඟින් Signature සන්නාමය, අලුත් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට සහ දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තූ වනවා.”


2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Signature මාතලේ නගරයට පිවිසෙයි