IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Sanasa ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක්

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වනSanasa General Insurance  සමාගමට අයත් පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය නිකවැරටියේදී විවෘත විය. සමාරම්භක උත්සවය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වසන්ත පෙරේරා මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 තෙවැනි පාර්ශ්ව සහ පූර්ණ වාහන රක්ෂණ සැපැයීම, රක්ෂණ ඔප්පු අලු‍ත් කිරීම, ප්‍රතිපූර්ණය ඇතුළු සේවා රැසක් ඒ හරහා පාරිභෝගිකයන්‌ට සැපැයීමට නියමිතය. එහි සේවය කරන පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලය කාර්යක්ෂම සහ ඵලදායි ලෙස පාරිභෝගික විමසීම් හැසිරවීමෙන් සමස්ත පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් වසන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය. Sanasa General Insurance සමාගම පළමු ප්‍රමුඛතාව දෙන්නේ පාරිභෝගික ප්‍රජාවට. ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම වේලාවක මෙම ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගෙන කිසිදු බාධාවකින් තොරව රක්ෂණ හෝ අනෙකුත් සේවා පිළිබඳ ගැටලු‍ නිරාකරණය කර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනවා. සෑම පාරිභෝගිකයකුටම පහසුවෙන් සහ ඉක්මනින් රක්ෂණ සේවා සැපැයීම අප සමාගමේ ප්‍රධාන අරමුණයි.” රට පුරා, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ශක්තිමත් සේවා ජාලයක් නිර්මාණය කිරීමෙන් ශාඛාවක් වෙත නොගොස් අවශ්‍ය සේවා ගැනීමට පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට Sanasa General Insurance සමාගම සැලසුම් කර ඇත. නම්‍යශීලී සහ කාර්යක්ෂම ලෙස සේවා සපයන එම සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික යන දෙඅංශයේම අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සැකැසූ රක්ෂණ පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ. 



අදහස් (0)

Sanasa ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site