Salesforce  සමාගම ලොව අංක 1 Agentic CRM  සමාගම වන අතර, සිය ප්‍රථම “Salesforce Innovation Day Colombo”  සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාව කෙරෙහි ඇති සිය ආයෝජන කැපවීම තවදුරටත් පුළුල් කරමින්,දේශීය ව්‍යාපාර අතර කෘත්‍රිම බුද්ධි (AI)  තාක්ෂණ භාවිතය වේගවත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
මෙම සමුළුවට ව්‍යාපාරික නායකයන්, පාරිභෝගිකයන්, සහකරුවන් සහ තාක්ෂණික වෘත්තිකයන් 200 කට අධික පිරිසක් එක්වීමට නියමිතය. 
AI  තාක්ෂණය, සම්බන්ධිත දත්ත (Connected Data)  සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (Intelligent Automation)  උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල ගෝලීය තරගකාරීත්වය වර්ධනය කිරීම, නිෂ්පාදනශීලීතාව ඉහළ නැංවීම සහ නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරේ.
මෙරට ඩිජිටල් පරිවර්තනයට නායකත්වය සපයන විවිධ ව්‍යාපාර, ඖෂධ, සිල්ලර වෙළෙඳාම සහ පාරිභෝගික භාණ්ඩ (FMCG)  ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් රැසක් මෙම වැඩසටහන සඳහා දේශකයන් ලෙස එක්වීමට නියමිතය. මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන මෙම ප්‍රවීණයන්ගේ සහභාගීත්වය හරහා, AI  තාක්ෂණය සහ ඩිජිටල් මෙවලම් සාර්ථකව ව්‍යාපාරික ක්‍රියාවලීන්ට සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවේ.
John Keells Holdings PLC  හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී (EVP & Group CIO) රමේෂ් ෂන්මුගනාදන්, Keells Supermarkets හි ඕම්නි කොමර්ස්, ඩිජිටල් සහ ලෝයල්ටි ප්‍රධානී  නිරේෂ් මුතු රත්නනන්දන් සහ Dilmah Ceylon Tea Company PLC  හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී යශෝධා සූරියකීර්ති යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයන් ලෙස අදහස් දැක්වීමට නියමිතය.
තවද,Deloitte  හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් පාරිභෝගික අංශ ප්‍රධානී  හරේෂ් පෙරේරා සහAltria Consulting (Pvt) Ltd සමාගමේ විකුණුම් අධ්‍යක්ෂ චාමිකර පෙරේරා යන මහත්වරුන් සහකාර සහ උපදේශක නියෝජිතයන් ලෙස මෙම වැඩසටහනට එක්වෙති. Salesforce  සමාගමේ සහකරුවකු මෙන්ම පාරිභෝගිකයකු ලෙස Altria Consulting  සමාගම ලැබූ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ඔවුන් සිය දැනුම, අවබෝධය සහ අදහස් මෙහිදී බෙදාගැනීමට නියමිතය.
නායකත්ව සංවාද, සජීවී ප්‍රදර්ශන සහ සැබෑ පාරිභෝගික අත්දැකීම් ඔස්සේ, Innovation Day Colombo  වැඩසටහන ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට AI තාක්ෂණය පරීක්ෂණ මට්ටමෙන් ප්‍රායෝගික භාවිතය දක්වා ගෙන යාමට අවශ්‍ය අවබෝධය ලබාදෙනු ඇත. විකුණුම්, සේවා, අලෙවිකරණ සහ වාණිජ අංශවල AI  තාක්ෂණය වගකීම්සහගතව යොදාගැනීමේ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
 “ශ්‍රී ලංකාව සතු ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතිය, ඩිජිටල් කුසලතා සහ නවෝත්පාදනයට ඇති සූදානම රටේ ව්‍යාපාරික අනාගතයට ශක්තිමත් පදනමක් සපයනවා,” යනුවෙන් Salesforce  ඉන්දියා සහ ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂිකා මන්කිරන් චවුහාන් පැවසුවාය. “Innovation Day Colombo  සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව පිළිබඳ අපගේ විශ්වාසය මෙන්ම, සියලු‍ම   ව්‍යාපාරවලට දිගුකාලීනව සහාය වීමට ඇති අපගේ කැපවීමද තවදුරටත් තහවුරු වෙනවා.