IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු NDB

ශ‍්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන 2024 SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස සම්බන්ධවීමට ලැබීම පිළිබඳ NDB බැංකුව නිවේදනය කර සිටියි. 

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය ජාතියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රය මෙහෙයවීමට දායක වන ව්‍යවසායකයන්ගේ කැපවීම සහ ඔවුන්ගේ අලෙවිකරණ විශිෂ්ටත්වය හඳුනා ගනිමින් ඒ සඳහා සහාය දැක්වීමේ NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිඹිබු කරයි.

අඛණ්ඩව දෙවැනි වසරටත් පවත්වනු ලබන SLIM SME Development සම්මාන උළෙල, SLIM  ආයතනයේ “Restart” වැඩසටහන යටතේ පුරෝගාමී මුලපිරීමක් වන අතර, අලෙවිකරණය, සන්නාමකරණය සහ විකුණුම් උපායමාර්ග යන අංශයන්ගේ සුවිශේෂී හැකියාව පෙන්වනු ලබන ක්ෂුද‍්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගයීම සහ නඟාසිටුවීම අරමුණු කරයි.

වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ විවිධ කර්මාන්ත 14ක් නියෝජනය කරන ක්ෂේත‍්‍ර සඳහා විශේෂිත ඇගයීම් සම්මාන ඇතුළු පුළුල් පරාසයක් තුළ මෙම සම්මාන පිරිනැමීම සිදු කරයි. මෙම සම්මාන වැඩසටහන මඟින් තොරතුරු තාක්ෂණය, ඩිජිටල් සහ ඔන්ලයින් වෙළෙඳාම, කෘෂිකර්මාන්ත සහ කිරි නිෂ්පාදන, පාරිභෝගික භාණ්ඩ, FMCG නිෂ්පාදන, ආගන්තුක සත්කාර, අපනයනය, B2B, සෞඛ්‍ය, පෝෂණ, ඇඟලූම් සහ තවත් බොහෝ ක්ෂේත‍්‍රවල පවතින ව්‍යාපාරයන් ඉස්මතු කරමින්, ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැකියාවන්වල කැපී පෙනෙන පරාසයක් පෙන්නුම් කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රගතියේ ප‍්‍රධානතම හවුල්කරුවන් බව අප විශ්වාස කරන්නෙමු. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ අපගේ හවුල්කාරිතවයෙන්, 2024 SMEDA සම්මාන උළෙලේ නිල බැංකු හවුල්කරු ලෙස අපගේ කාර්යභාරය මඟින් නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව පමණක් නොව තම ව්‍යාපාර ඉහළට ඔසවා තැබීමට උත්සාහ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප‍්‍රයත්නය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.”



අදහස් (0)

SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු NDB

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 547 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site