IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


SLT MOBITEL වෙතින් රෝහල්වලට P.C.R යන්ත්‍ර

මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ලබාදීමට SLT-මොබිටල් සැලසුම් කර තිබේ. මේ යටතේ පරිත්‍යාග කරන ලද පළමු යන්ත්‍රය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම යන්ත්‍රයෙහි වටිනාකම රු. මිලියන 5 කට අධිකය.

SLT-MOBITEL නියෝජනය කරමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා විසින් මෙම යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න මහත්මිය වෙත පරිත්‍යාග කරන ලදී.

රෝහල්වල සහ රජයේ ඉල්ලීම් පරිදි ඉදිරියේදී මොනරාගල මූලික රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල යන රෝහල් වෙතද PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට SLT MOBITEL සැලසුම් කර තිබේ.

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසී ය. “මෙම රෝහල්වලට PCR යන්ත්‍ර වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගත් නිසා අප වඩාත් ඉක්මනින් එම යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කළා. සාමූහික, පරිපූර්ණ සහ සැලසුම් සහගත ලෙස කටයුතු කිරීම මගින් මෙම අභියෝගය ජයගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී ඒ වෙනුවෙන් රටට නොසැලෙන ශක්තියක් වීමට අප සූදානම්.”

 



අදහස් (0)

SLT MOBITEL වෙතින් රෝහල්වලට P.C.R යන්ත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site