භානුක අමරසිංහ
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන SL MICE Expo 2025 ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් මස 22 වැනිදා සිට 26 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ දක්වා SL MICE Expo ප්‍රදර්ශන හතරක් පැවැත්වී ඇති අතර, මෙය පස්වැනි අවස්ථාවයි.
මෙරට රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන කේන්ද්‍ර කරගත් MICE ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දින පහක් පුරා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. එහිදී ඉන්දියාව, චීනය, පාකිස්තානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, තුර්කිය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීරය, බංග්ලාදේශය, කටාර් රාජ්‍යය, මැලේසියාව හා සිංගප්පූරුව ඇතුළු රටවල ජාත්‍යන්තර වෙළෙඳපොළේ MICE ගැනුම්කරුවන්ට හා මාධ්‍ය නියෝජිතයන්ට මේ සඳහා ඇරයුම් කර ඇතැයිද, ඒ අතරින් ගැනුම්කරුවන් 100ක් සහ මාධ්‍ය නියෝජිතයන් 15ක් තෝරා ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාව ගෝලීය MICE සංචාරක ව්‍යාපාරය තුළ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ඉහළ නැංවීම සඳහා ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
SL MICE Expo 2025 සැප්තැම්බර් 22 සිට 26 දක්වා කොළඹදී