ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කරන ආයෝජක හමුවක් හෙට (16) මොනරාගල සිලන්රිච් හෝටලයේදී පැවැත්වෙයි. පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙන මෙම හමුව සිංහල මාධ්‍යයෙන් සංවිධානය කෙරී තිබේ. 

කොළඹ කොටස් වෙළෙඳ පොළේ හෝ ඒකක භාර හරහා ප්‍රාග්ධන වෙළෙඳ පොළේ ආයෝජනයට උනන්දුවක් දක්වන පිරිස් වෙත මේ සඳහා ආරාධනා කෙරේ.

ඒ සඳහා සහාය දැක්වීමට කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර නියෝජිතයන්ද මේ සඳහා සහභාගි වෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 057 205 1279 හෝ 070 276 1883 යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.