රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් නිපදවයි.
නිෂ්පාදන කටයුතු දැඩි තත්ව පරීක්ෂාවලට සහ ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රමිතිවලට යටත්ව සිදු කෙරේ. ගුණාත්මකභාවය, විශ්වාසනීයභාවය සහ සුරක්ෂිතභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම තරගකාරී රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත.
ආරම්භයේ සිට මේ දක්වා ඇණැවුම් ලක්ෂ තුනක් පමණ සම්පූර්ණ කර ඇති Ruu Ceylon සමාගම ඛාණ්ඩ 15ක් යටතේ නිෂ්පාදන 45කට වැඩි සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කරයි. ශාකසාර කරල් වර්ග, බොඩි ලෝෂන්, හෙයා ඔයිල්, ෂැම්පු, සන් ක්‍රීම් ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. වැලන්ටයින් දිනය, කාන්තා දිනය, නත්තල, අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථා සඳහා සුවිශේෂ ලෙස සැකැසූ තෑගි කට්ටලද එම ආයතනයෙන් මිල දී ගත හැකිය. පසුගිය කාලය පුරා එම සමාගම සම්මාන රැසක් දිනා තිබේ. වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම (Iconic Awards 2024) සඳහා හිමි සම්මානය ඉන් එකකි. එසේම Ruu Ceylon කළමනාකරණ අධ්‍යක්ෂවරයා වසරේ නැගී එන තරුණ ව්‍යවසායකයා සඳහා වන සම්මානයද දිනා ගත්තේය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Ruu Ceylon Marketing සමාගමට People’s Excellency සම්මාන ද්විත්වයක්