IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Ritz-Carlton Reserve අධි සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවට

 

  • පොතුවිල්හි ඉදිකරන ව්‍යාපෘතියේ විලා 73 ක් සහ සන්නාමගත නිවාස 80 ක් 

භානුක අමරසිංහ


ලොව සුප්‍රසිද්ධ අධි සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් වන Ritz-Carlton යටතේ ක්‍රියාත්මක Ritz-Carlton Reserve සන්නාමයේ හෝටලයක් පළමුවරට ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඊට අදාළ එකඟතාව ඉන්දියාවේ Ventive Hospitality සමාගම සහ Marriott International අතර අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ. මෙහිදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ කරන හෝටල් ව්‍යාපෘති හතක් සම්බන්ධයෙන් එම එකඟතාවට පැමිණ ඇතැයි සඳහන් වෙයි. 

ඒ අතර ශ්‍රී ලංකාව තුළ පළමුවරට ක්‍රියාත්මක වන මෙම Ritz-Carlton Reserve හෝටලයද පවතී. Ventive Hospitality සහ එහි පරිපාලිත සමාගම් එක්ව ඉදිකරන මෙම හෝටලය ශ්‍රී ලංකාවේ පොතුවිල්හි පිහිටුවනු ඇතැයි වාර්තා පවසයි. 

ඒ අනුව එහි නම Pottuvil ලෙස හැඳින්වෙනු ඇති බවත්, එහිදී විලා 73 ක් සහ අලෙවිය සඳහා වන සන්නාමගත නිවාස ඒකක 80 ක්ද එහි ඉදිකෙරෙන බවත් සඳහන් වෙයි.

අද වනවිට මෙම Ritz-Carlton Reserve සන්නාමය යටතේ ආසියානු කලාපය තුළ චීනය, ඉන්දුනීසියාව, ජපානය, තායිලන්තය සහ කැරීබියානු සහ ලතින් ඇමෙරිකානු කලාපය තුළ කොස්ටාරිකා, මෙක්සිකෝ, පෝර්ටෝ රිකෝ මෙන්ම මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ සෞදි අරාබියේද ධනවත් සංචාරකයන් ඉලක්ක කරගත් අධි සුඛෝපභෝගී හෝටල් මෙහෙයුම් පවත්වාගෙන යයි. 

මෙලෙස Ritz-Carlton Reserve සන්නාමය ශ්‍රී ලංකාව වෙත පැමිණීමත් සමගින්ම ලොව පුරා සංචාරය කරන අතිශය ධනවත් සංචාරකයන් මෙරට වෙත වැඩි වශයෙන් ආකර්ෂණය වනු ඇති බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ වර්ධනය වන සුඛෝපභෝගී සංචරණ වෙළෙඳපොළ තවත් දියුණු වනු ඇතැයිද අදහස වී තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී මෙම අධි සුඛෝපභෝගී Ritz-Carlton සන්නාමය ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙත සම්බන්ධ වුවද, මෙතෙක් ඒවා ක්‍රියාත්මක වී නැත. 

ඒ අතරින් කොළඹ පිහිටි ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතිය යටතේ Ritz-Carlton Tower ලෙස සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකෙරුණත් එය මෙතෙක් වැඩ අවසන් කෙරී නැත. 

එසේම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙපළක් වන ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරුණු ග්‍රීනර් වෝටර් ලිමිටඩ් සහ මොහාන් පණ්ඩිතගේ මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරුණු සමර්සීසන් ලිමිටඩ් යන සමාගම් එක්ව Marriot International සමගින් 2020 වසරේදී ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මිරිස්ස ප්‍රදේශය තුළ අධි සුඛෝපභෝගී Ritz-Carlton Mirissa නමින් හෝටලයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

2022 තෙවැනි කාර්තුවේදී වැඩ නිමවීමට සැලසුම් කර තිබූ එම ව්‍යාපෟතිය කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදයත් සමගින් පමා විය. කාමර 22 8කින් සමන්විත මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.



අදහස් (0)

Ritz-Carlton Reserve අධි සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site