IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


RDB බැංකුවේ අරලගන්විල ශාඛාව නව පරිශ්‍රයකට

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ උතුරු මැද පළාත් අරලගංවිල ශාඛාව 2025.06.09 දින නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලදී. මෙම උත්සව අවස්ථාව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර මහතාගේ ආරාධනයෙන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කුමාර රත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පාරිභෝගික සේවාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, RDB අරලගංවිල ශාඛාව නවීන පරිශ්‍රයක නව පහසුකම් සහිතව 14/113, කොලොන්ගස් හන්දිය, අරලගංවිල ලිපිනයෙහි විවෘත විය. දියුණු කළ යටිතල පහසුකම්, පුළුල් කළ පාරිභෝගික සේවා සහ නවීන ඩිජිටල් බැංකු පහසුකම් සමග ගනුදෙනුකරුවන්ගේ ඉහළයන අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සහ උසස් සේවා ලබාදීම මෙම පිවිසුමත් සමග ඉටුවේ.
මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර මහතා ප්‍රකාශ කළේ, මෙම පියවර අඛණ්ඩ වර්ධනයට ඇති කැපවීම සහ ගනුදෙනුකාර ප්‍රජාවට උසස්තම බැංකු සේවා ලබාදීමට ඇති ලැදියාව පිළිබිඹු කරන බවත්, නව පරිශ්‍රය පාරිභෝගික හිතකාමී සහ කාර්යක්ෂම ලෙස නිර්මාණය කර තිබීමෙන් වේගවත් සේවාවක් සහ සුවපහසු බැංකු අත්දැකීමක් පාරිභෝගික ප්‍රජාවට සැපයීමට හැකියාව ලැබෙන බවත්ය.
මෙම අවස්ථාව උතුරුමැද පළාත් සාමාන්‍යාධිකාරී එම්.එම්. එම්. එස්. ආනන්ද මහතාගේ උපදෙස් මත, සහකාර සාමාන්‍යාධිකාරී ජයන්ත ධර්මප්‍රිය සහ අරලගංවිල ශාඛා කළමනාකාර ප්‍රගාෂ් ජයරුවන් ඇල්පිටිය යන මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කරනු ලැබ තිබුණි.



අදහස් (0)

RDB බැංකුවේ අරලගන්විල ශාඛාව නව පරිශ්‍රයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site