Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන වයාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ලංකාවේ ප්‍රථම වරට Cantilevered නැරඹුම් වේදිකාවක් සහ Floating Rooftop අවන්හලක් ඇතුළුව මෙරට නිවාස ක්ෂේත්‍රයේ මෙතෙක් නොදුටු සුවිශේෂී හා අති නවීන අංග රැසක් මීට ඇතුළත්ය. මෙය ලංකාවේ දේපළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් වනු නිසැකය. 

‘The art of family living, perfected’  යන දැක්මෙන් උපන් MON VIE ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ සැබෑම නිවසක උණුසුම සමගින් නාගරික ජීවන රටාවක සුවපහසුව අපේක්ෂා කරන පවුල් වෙනුවෙනි. සුවිශේෂී  Rooftopපරිශ්‍රයක්ද සමගින් මහල් 25 කට වැඩි ගණනකින් සමන්විත MON VIE  නිවාස ව්‍යාපෘතියට නිදන කාමර 2 සහ 3 බැගින් වන නිවාස පෙළක් ඇතුළත් වන අතර, මෙම නිවාස රු. මිලියන 86 සිට ඉහළට මිල නියම කර ඇත. MON VIE හි සුවිශේෂීම අංගය වන්නේ එහි Floating Rooftop  අවන්හලයි. මෙම වර්ගයේ අවන්හලක් ලංකාවේ ඉදිවන්නේ පළමු වරට වීම විශේෂත්වයකි. 

කොළඹ 05 ලංකා හොස්පිට්ල්ස් රෝහල පසු කර බේස්ලයින් පාරේ තලකොටුව පාරට පිවිස මීටර 100 ක දුරක් යන විට පිහිටා ඇති සියලු‍ පහසුකම් සහිත ස්ථානයක, ප්‍රධාන පෙළේ පාසල්, රෝහල් සහ වාණිජ වශයෙන් වැදගත් ස්ථාන රැසකට නුදුරින් MON VIE නිවාස සංකීර්ණය පිහිටා තිබේ. මෙහි පදිංචිකරුවන්ට ඉතාම කෙටි කාලයක් තුළ මෙම පහසුකම් සියල්ල වෙත ළඟා වීමට හැකි වනු ඇත. 

මෙම ව්‍යාපෘතියේ වර්ග අඩි 40,000 කට වැඩි (එනම් අක්කරයකට ආසන්න) භූමි ප්‍රදේශයක් පදිංචිකරුවන්ගේ පොදු අවශ්‍යතා (විවේක හා විනෝදාස්වාද පහසුකම්) සඳහා වෙන්කර තිබේ. මෙහි මූලික සැලසුම්කරණ කටයුතුවල සිට ගොඩනැගිලි ද්‍රව්‍ය, නිවැසියන්ට අවශ්‍ය පහසුකම් සහ අවට ගහ කොළ පවා සැලසුම් කර ඇත්තේ නූතන ජීවන රටාවන්ට අවශ්‍ය පහසුව, සුන්දරත්වය සහ සම්බන්ධතා පහසුකම් ඇතුළු සියල්ල ගැන අවධානය යොමුකරමින්, නිවැසියන්ගේ සැබෑ අවශ්‍යතා මැනැවින් සැලකිල්ලට ගනිමිනි. මෙහි Piling කටයුතු මේ වන විට San Piling (Pvt) Limited මගින් සිදුකරනු ලබයි. 

කොළඹ නාගරික අවකාශයේ සුවිශේෂී මංසලකුණක් බවට පත්වීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2030 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මෙහි නිවාස මිලදීගැනීම සිහිනයක් නොව සැබෑවක් බවට පත් කරමින් Prime Lands Residencies සමාගම  සියයට සියයක් බැංකු ණය වසර හතරක් පුරා පොලී රහිත ගෙවීම් පහසුකම් ඇතුළත්ව (Customized Payment Plans) ගැනුම්කරුවන් දිරිමත් කිරීම සඳහා හඳුන්වා දී ඇත.