IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය උමාරියා සිංහවංශ


Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළෙඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළෙඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි, ශ්‍රී ලාංකීය සංගීත කලාව ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය සුවිශේෂී කලා ශිල්පිනියකි. 

මෙම පත්කිරීම ශ්‍රී ලංකාවේ ජන හද දිනූ, සියයට 100 ක්ම ශ්‍රී ලාංකික නාම දෙකක සුසංයෝගයක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලාංකීය හැකියාව හා විශිෂ්ටත්වය ගෝලීය තලය වෙත රැගෙන යාම දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ. ගායිකාවක මෙන්ම සංගීත ශිල්පිනියක ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දිනාගත් සුවිශාල ජනප්‍රියත්වයක් උමාරියා සිංහවංශ සතුය. ඇය ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි. 

උමාරියා සිංහවංශගේ ජනප්‍රියත්වය ඔස්සේ කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් Prime සමූහ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ එක් මූලික ඉලක්කයකි. එමෙන්ම ශ්‍රී ලාංකික විශිෂ්ටයන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් Prime සමූහ ව්‍යාපාරය සතු දැක්ම ඔස්සේ රටේ දක්ෂතා සහ සංස්කෘතික උරුමයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙහි තවත් අරමුණක් වී ඇත. ඉදිරියේදී උමාරියාගේ මැදිහත්වීම සහ නිර්මාණශීලී මෙහෙවර ඔස්සේ ලොව පුරා පාරිභෝගිකයන් වෙතට සමීප වීමට Prime සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි. 

“උමාරියා යනු ශ්‍රී ලාංකික විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක්. ශ්‍රී ලාංකිකත්වය මත පදනම් වූ ඇගේ දක්ෂතාවන්ට ගෝලීය පිළිගැනීමක් හිමි වී තිබෙනවා. ඇය අපගේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීම, ශ්‍රී ලංකාව ලොව දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්මට සමගාමී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සුසංයෝගය ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමිති නැවත නිර්වචනය කරමින්, පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, රටේ කුසලතා සහ සංස්කෘතික වටිනාකම් මූලික කරගත් ප්‍රචාරණ ක්‍රමවේදයක් ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට අප බලාපොරොත්තු වනවා.” Prime සමූහ ව්‍යාපාරයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය. 

“වසර 30 කට අධික ඉතිහාසයක් සහිත දේශීය සන්නාමයක් වන Prime සමූහ ව්‍යාපාරය සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. මෙය රටේ හැකියාවන් ගෝලීය තලයට රැගෙන යමින්, ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අප සතු අන්‍යෝන්‍ය දැක්ම මැනැවින් පිළිබිඹු කරනවා. මීට දශකයකට පමණ පෙර මා මුල්ම වරට දේපළක් මිලදී ගත්තේ Prime වෙතිනුයි. එය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. වර්තමානයේ මේ ආකාරයට Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස එම සමූහය නියෝජනය කිරීමට හැකි වීම පිළිබඳව මා ආඩම්බර වනවා. මේ විශිෂ්ටත්වය ලෝකය සමග බෙදාගැනීම මගේ අරමුණයි.” උමාරියා සිංහවංශ පැවසීය.



අදහස් (0)

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය උමාරියා සිංහවංශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site