IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


Prime සන්නාමයට ජාත්‍යන්තර පිළිගැනීමක්: ‘Kotler’s Essential of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වෙයි

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පසුගියදා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ, නූතන අලෙවිකරණයේ පියා ලෙස සැලකෙන කීර්තිමත් මහාචාර්ය ෆිලිප් කොට්ලර් විසින් සංස්කරණය කරනු ලබන ‘Essentials of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වූ එකම දේපළ වෙළෙඳාම් සන්නාමය බවට පත්වීමත් සමගිනි. 
මෙය ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වෙත ලැබුණු සුවිශේෂී ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස හැඳින්විය හැකි අතර, එමගින් ප්‍රයිම් සන්නාමය ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත ආර්ථිකයේ අනාගතය හැඩගස්වන පුරෝගාමී සන්නාම අතරට එක් වී තිබේ.
ප්‍රයිම් සමූහය යනු දශක 3 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. ආරම්භයේ පටන්ම එය එම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. නවෝත්පාදනය මෙන්ම සාර්ථක අලෙවිකරණ ක්‍රමවේද හේතුවෙන් පසුගිය වසර 30 තුළ මෙබඳු සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට ප්‍රයිම් සමූහයට හැකියාව ලැබිණි. ‘Essentials of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලංකා සංස්කරණයට ඇතුළත් වීමත් සමග මින් ඉදිරියට ප්‍රයිම් සමූහයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ද යොමුවනු ඇත. “මෙය අප ලැබූ සුවිශේෂී ගෞරවයක්. එතුළින් අපගේ සන්නාමයේ ශක්තිය මැනවින් පිළිබිඹු වෙනවා. අප මේ ක්ෂේත්‍රයේ අන් අය අනුකරණය කරනවා වෙනුවට, නව ප්‍රවණතා නිර්මාණය කළ සමාගමක්. පසුගිය දශක තුනක කාලය තුළ අප Prime Premier Initiative, විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් 1322 සහ පෙරළිකාරී ගෙවීම් ක්‍රම ඇතුළු නවෝත්පාදන රැසක් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ල, ශ්‍රී ලාංකිකයන් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය දකින හා එය සමග ගනුදෙනු කරන ආකාරය වෙනස් කළ හඳුන්වාදීම් ලෙස හැඳින්විය හැකියි. අප හුදෙක් නිවාස ඉදිකරන සමාගමක් නොවේ. අප ප්‍රජාව, අත්දැකීම් සහ දීර්ඝකාලීන උරුමයන් නිර්මාණය කරන සමාගමක්. මේ ආකාරයට ලොව ප්‍රමුඛතම අලෙවිකරණ ප්‍රකාශනයකට ඇතුළත් වීමට සමත් වීම, අලෙවිකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය උදෙසා අප තුළ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට කිසිදු සැකයක් නෑ.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය. 
‘Essentials of Modern Marketing’ කෘතියට ඇතුළත් වීම, සන්නාමයකට ලබාගත හැකි ඉහළම තලයේ පිළිගැනීමක් ලෙස සැලකේ. මෙය නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහය දක්වන උනන්දුවට මෙන්ම, ශ්‍රී ලාංකිකයන් ජීවත්වන ආකාරය සහ ඔවුන් ආයෝජනය කරන ආකාරය වෙනස් කිරීම සඳහා එම සමූහය දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. දශක තුනක් පුරා ගොඩනංවාගත් පාරිභෝගික විශ්වාසය හේතුවෙන් මෙවැනි පරිවර්තනීය යුග මෙහෙවරක නිරත වීමට ප්‍රයිම් සමූහයට හැකියාව ලැබී තිබේ. 
Kotler Impact Inc. and Deyo Consultancy and Advisory එක් වී පසුගිය අගෝස්තු 22 දින කොළඹ Cinnamon Grand හෝටලයේ දී ‘Essentials of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණය නිල වශයෙන් එළිදක්වන ලදී. කොට්ලර් විසින් රටවල් මූලික කරගෙන සිදුකරන ‘Essentials of Modern Marketing’ ග්‍රන්ථ මාලාවේ සංස්කරණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්වන ප්‍රථම අවස්ථාව මෙයයි. 
‘Essentials of Modern Marketing’ යනු අලෙවිකරණ ක්ෂේත්‍රයේ සමකාලීන ප්‍රවණතා, ක්‍රමෝපාය සහ සාර්ථකත්වයේ පුවත් සාකච්ඡාවට ලක්කරන ප්‍රකාශන මාලාවකි. එහි නවතම සංස්කරණයත් සමග, සාර්ථක ව්‍යාපාර සහ ව්‍යාපාරික ප්‍රජාවක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර තලයේ සිය නාමය රන් අකුරින් ලියවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 
ප්‍රයිම් සමූහය පසුගිය වසර 30 ක කාලය තුළ දිවයින පුරා මහල් නිවාස ව්‍යාපෘති 45 කට අධික සංඛ්‍යාවක්, Villa ව්‍යාපෘති 30 කට අධික සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. මේ සියල්ල මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රයිම් සමූහය අත්කරගෙන තිබෙන සාර්ථකත්වය මැනවින් නිරූපණය කරයි. ‘Essentials of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වීම, එම සාර්ථකත්වය ජාත්‍යන්තර තලයට රැගෙන යන ජයග්‍රහණයකි. 

 



අදහස් (0)

Prime සන්නාමයට ජාත්‍යන්තර පිළිගැනීමක්: ‘Kotler’s Essential of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site