IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Prime රෙසිඩන්සීස් නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ වැඩ ඇරඹේ

  • අධි සුඛෝපභෝගී One Collection’  ව්‍යාපෘති එකතුවට අලු‍තින්ම එක් වන ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති One Tangalle’  සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මෙය ඉදිකරනු ලබන්නේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Prime Residencies PLC  සමාගම විසිනි. 

දකුණු පළාතේ අතිශයින් ජනප්‍රිය වෙරළබඩ ප්‍රදේශයක ඉදිකළ  ‘One Tangalle’  ව්‍යාපෘතිය අධි සුඛෝපභෝගී නිවාසවලින් සමන්විත සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙය Prime Residencies PLC  සමාගමේ අධි සුඛෝපභෝගී ‘One Collection’  ව්‍යාපෘති අතරට අලු‍තින්ම එක්වන ව්‍යාපෘතියයි. සුප්‍රකට ඉදිකිරීම් සමාගමක් වන Tudawe Brothers විසින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන අතර, එම කටයුතු 2027 වසරේදී අවසන් වීමට නියමිතය. 

Prime සමූහ ව්‍යාපාරය යනු වසර 30 කට අධික කාලයක් පුරා මෙරට ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනාගත්, දේපළ වෙළෙඳාම් සමූහ ව්‍යාපාරයකි. තම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිසරයක ජීවත් වීමට කැමැති නිවාස හිමියන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති ‘One Tangalle’ ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රයේ නව ඇරඹුමක් බවට පත් වනු නිසැකය. 

සාගරය සහ කලපුව මැනවින් දර්ශනය වන ආකාරයට සැලසුම් කළ, නිදන කාමර 2 සහ 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස 38 ‘One Tangalle’  ව්‍යාපෘතියට ඇතුළත් වී තිබේ. වර්ග අඩි 1,350 සිට වර්ග අඩි 2,000 ට වැඩි විශාලත්වයකින් යුත් මෙම නිවාස, සේවා සපයනු ලබන සුඛෝපභෝගී නිවාස  (Serviced Apartments)  කාණ්ඩයට අයත් සියලු‍ පහසුකම්වලින් සමන්විත බැවින් ඒවා ඉහළ තලයේ ජීවන රටාවකට ඇලු‍ම් කරන නිවාස හිමියන්ට ඉතාමත් හොඳින් ගැළපෙන තෝරාගැනීමක් ලෙස හැඳින්විය හැකි වේ. 

සෑම අංගයක්ම සූක්ෂමව සැලසුම් කර ඉදිකරනු ලබන මෙම නිවාස සියල්ලටම කලපුව සහ සාගරය මැනවින් දර්ශනය වනු ඇත. විවෘත මුළුතැන්ගෙයකින්ද සමන්විත මෙම සුඛෝපභෝගී නිවාස සඳහා වෙනම භාරකාර සේවකයකු (Concierge)  පත්කෙරේ නිවාස සංකීර්ණයේ ඉහළින්ම පිහිටි infinity pool, fitness centre, cigar lounge and bar, games gallery, outdoor BBQ area  සහ අතිනවීන ආරක්ෂක සේවා ඇතුළු පහසුකම් රැසක්ද මීට ඇතුළත් වනු ඇත. 

අතිශයින් දැකුම්කලු‍ වෙරළ තීර සහ සශ්‍රීක ජෛව විවිධත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන තංගල්ල ප්‍රදේශය මේ වන විට සංචාරකයන් අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මුල්කිරිගල විහාරය, හුම්මානය, රැකව කැස්බෑ සංරක්ෂණ අභය භූමිය සහ කලමැටිය කුරුළු අභය භූමිය වැනි සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රැසක් ‘One Tangalle’ ව්‍යාපෘතිය පිහිටි ස්ථානයට නුදුරින් පිහිටා තිබේ. එමෙන්ම තංගල්ල යනු නැවුම් මත්ස්‍ය වර්ග, දකුණු පළාතට ආවේණික ආහාරපාන, විවිධත්වයෙන් අනූන ප්‍රජාව සහ ජල ක්‍රීඩා ඇතුළු බොහෝ අංගවලින් සමන්විත ප්‍රදේශයක් ලෙසද හැඳින්විය හැකි වේ. 



අදහස් (0)

Prime රෙසිඩන්සීස් නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ වැඩ ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site