IMG-LOGO

Pick My Pet විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණයට සම්මාන දිනයි

සුරතල් සත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet  පෞද්ගලික සමාගම London Business Consultancy  ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. 
2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල් සතුන් සඳහා වෙන් වූ මෙරට පිහිටි විශාලම නවාතැන් පරිශ්‍රය ඇත. සියලු‍ පහසුකම්වලින් සමන්විත එය මීගමුව ගොඩිගමුව ප්‍රදේශයේ අක්කර 32ක භූමියක පිහිටා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉදි කර ඇති එහි සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් කූඩු ඉදි කර තිබේ. ඒ තුළින් සෑම සතෙකුගේම පහසුව සහ ආරක්ෂාව තහවුරු කෙරේ. ඇවිදින මංතීරු සහ සෙල්ලම් කිරීම සඳහා ස්ථාන තුනක්ද ඉදි කර තිබේ. කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ සැරි සැරීමට සහ සෙල්ලම් කිරීමට සුරතල් සතුන්ට අවස්ථාව සලසා දී ඇත. සුරතල් සතුන් නිවෙස්වල සිට නවාතැන් පරිශ්‍රය වෙත රැගෙන ඒමට සහ නැවතත් නිවෙස්වලට රැගෙන යාමට විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක වේ. 
Pick My Pet කෙටි කාලීන රැකවරණ මධ්‍යස්ථාන තුනක් වත්තල ඉදි කර ඇත. ඒ අතරින් දෙකක් large-breed සහ small breed යන වර්ගවලට අයත් සුනඛයන් සඳහාත් තවත් එකක් බළලු‍න් සඳහාත් වෙන් කර තිබේ. සුරතල් සතුන් සඳහා අවශ්‍ය ආහාර පෝෂණ අතිරේක සහ අනෙකුත් දෑ අලෙවි කරන වෙළෙඳසැල වත්තල පිහිටා ඇත. එම සමාගම සුරතල් සතුන් සඳහාම වෙන් වූ රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වත්තල සහ පිටකෝට්ටේ ස්ථාපනය කර තිබේ. සාමාන්‍ය අලංකරණ සේවාවල පටන් ඒ ඒ සතුන්ගේ සමට ගැළපෙන විශේෂ තෙරපි ප්‍රතිකාර දක්වා සෑම සේවාවක්ම එහිදී සපයන අතර එම සේවා සපයන්නේ අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත වෘත්තිකයන්ය. Iconic Awards 2024 සම්මාන උළෙලේ දී වසරේ නැගී එන සුරතල් සත්ව රැකවරණ සේවා සපයන්නා ලෙසද Pick My Pet සම්මාන දිනා ඇත. 

 



අදහස් (0)

Pick My Pet විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණයට සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1770 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site