IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


Orel කෝපරේෂන් - Prime රෙසිඩන්සීස් සහයෝගීතා ගිවිසුමක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයකු වන Orel කෝපරේෂන් විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime රෙසිඩන්සීස්හි ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace ගම්පහ වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel කෝපරේෂන් විසින් දරනු ලැබේ.  

දේශීය හා ජාත්‍යන්තර වශයෙන්  යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලි පද්ධති සැලසුම් කිරීම, එහි අන්තර්ගත විදුලි උපාංග නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel කෝපරේෂන් ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යපෘති කළමනාකරණය, නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු සේවා , නඩත්තු කටයුතු සහ බෙදා හැරීම ඇතුළු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ EM2 කාණ්ඩයට අයත් සියලුම විදුලි ඉංජිනේරු සේවා  සැපයීම වෙනුවෙන්  සිය දායකත්වය ලබාදීමට Orel කෝපරේෂන් අපේක්ෂා කරයි.

Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel කෝපරේෂන් විසින් දක්වන ලද කැපී පෙනෙන දායකත්වය සහ එම ව්‍යාපෘති විශිෂ්ට ලෙස විද්‍යුත් බලයෙන් බලගැන්වීමෙන් ගොඩනගා ගත් කීර්ති නාමය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනක් වී තිබේ.

OREL කෝපරේෂන් හි Turnkey ව්‍යපෘති සහකාර සාමාන්‍යධිකාරී ප්‍රමුදිත ගුරුසිංහ මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. " යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කළ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාමේ දැවැන්තයකු වන Prime රෙසිඩන්සීස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපිට සතුටක්. මෙම ව්‍යාපෘතිය අප විසින් මෙතෙක්  සිදුකළ ව්‍යාපෘතිවල සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්ෂේත්‍රයේ පුරෝගාමී Prime රෙසිඩන්සීස් සමග එක්වෙමින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි පහසුකම් සැපයීමෙන් දීප්තිමත් හෙටක් උදාකරගැනීමට අප ආයතනය තුළ වූ කැපවීම මෙමගින් මනාව පිළිඹිබු වෙනවා."

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි ආයතනික කටයුතු අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ පැවසීය . "The Palace Gampaha ව්‍යාපෘතිය ඔස්සේ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ආයෝජකයන්ට සුඛෝපභෝගී සහ පහසු ජීවන රටාවක් හිමි කර දීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මූලික ගෙවීම් සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතියයි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ආයෝජනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් අපගේ සේවාදායකයන්ට අද්විතීය හා අසමසම අත්දැකීමක් හිමිකර දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා."

595



අදහස් (0)

Orel කෝපරේෂන් - Prime රෙසිඩන්සීස් සහයෝගීතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site