
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවියEntro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලැබුවාය.
වීරකෝන් මෙනෙවියගේ නායකත්වය යටතේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් බවට පත් වී ඇති NHRA ආයතනය මානව සම්පත් කළමනාකරණය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. එය 1990 අංක 20 දරන පනත යටතේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලබා තිබේ. ආයතනයේ සංවර්ධන සැලසුම අංක 887/8 දරන ගැසට් නිවේදනයේ පළ වී ඇත.
2018 වසරේදී 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ව්‍යාපාර ලියාපදිංචිය ලැබූ NHRA ආයතනය වසරකට දැනුමෙන් සහ කුසලතාවලින් හෙබි වෘත්තිකයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් බිහි කර ඇත. ව්‍යාපාර කළමනාකරණය, මනෝ විද්‍යාව, ගිණුම්කරණය, විකුණුම් සහ අලෙවිකරණය, ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ සහතික පත්‍ර සහ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකම් NHRA ආයතනයෙන් වෙතින් ලැබිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Nations HR ඇකඩමියට Supreme Entrepreneur Education සම්මානය