IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


NUCARS 2025 ජාත්‍යන්තර සමුළුවට ANC Education සත්කාරකත්වය

වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive Retail Simulation - NUCARS) 2025 වසරට අදාළ සත්කාරකත්වය දැක්වීමටANC ආයතනයට අවස්ථාව හිමි විය.
 එය ශ්‍රී ලාංකීය අධ්‍යාපන විශිෂ්ටත්වය සහ ගෝලීය සම්බන්ධතා පිළිබඳ සුවිශේෂ සන්ධිස්ථානයකි. ANC ආයතනයේ සිසුන් 22ක් NUCARS 2025 2025 වැඩමුළුවට සහභාගී වූ අතර ඔවුන්ට රටවල් රැසක් නියෝජනය කරන සිසුන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබිණි. මේ තුළින් ගෝලීය ප්‍රමිතිවලට අනුව ජාත්‍යන්තර වේදිකාවල විශ්වාසයෙන් යුතුව සිය දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට හැකි සිසු පිරිසක් බිහි කිරීම සඳහා ANC ආයතනය සතු හැකියාව ඉතා හොඳින් පිළිබිඹු විය. 
NUCARS 2025 2025 වසරට අදාළ වැඩමුළුව අප්‍රේල් 07 සිට 11 දක්වා ANC Education ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව වැනි රටවල් රැසක් නියෝජනය කරන සිසුහු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වූහ. අන්තර්ජාතික සහයෝගීතාව, ව්‍යාපාර ඉගැනීම, සංස්කෘතික හුවමාරුව වැනි බොහෝ දෑ පිළිබඳව NUCARS 2025 වැඩමුළුවේදී අවධානය යොමු විය. නිරන්තරයෙන් වෙනස් වන මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රය සහ ඊට අදාළ උපාය මාර්ග පිළිබඳව දැනුම ලැබීමට සිසුන්ට සහාය වන NUCARS 2025 2025 අන්තර්ජාලය පදනම් කර ගත් ජාත්‍යන්තර උපාය මාර්ග වේදිකාවකි. 
ක්‍රියාකාරී ඉගැනුම් උපාංගයක් ලෙස සංවර්ධනය කර ඇති එය ව්‍යාපාර අවස්ථා සමඟ සම්බන්ධ වෙමින් නිෂ්පාදන සංවර්ධනය, මෙහෙයුම්, මූල්‍ය සහ අලෙවිකරණය වැනි අංශවලට අදාළ ප්‍රයෝගික දැනුම ලැබීමට අවස්ථාව සලසයි. NUCARS 2025 2025 වැඩමුළුව අතරතුර විවිධ රටවල් නියෝජනය කරන කණ්ඩායම් සමඟ කටයුතු කරමින් වෙළෙඳපොළ තත්ව විශ්ලේෂණය කිරීමටත්, එකිනෙකට වෙනස් වෙළෙඳපොළට ආවේණික උපාය මාර්ග සැලසුම් කිරීමටත් සිසුන්ට අවස්ථාව ලැබිණි. මෙම වැඩමුළුවේදී වර්තමාන අන්තර් සම්බන්ධිත ව්‍යාපාර ලෝකයේ දියුණුවට අත්‍යවශ්‍ය ගුණාංග වන සාමූහිකත්වය, බහු සංස්කෘතික අවබෝධය, සමාජ කුසලතා පිළිබඳව ඉහළ අවධානයක් යොමු විය. 

 



අදහස් (0)

NUCARS 2025 ජාත්‍යන්තර සමුළුවට ANC Education සත්කාරකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site