IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


NKAR 45 වැනි සංවත්සරයට කොළඹ වටා පාපැදි සවාරියක්

NKAR Travels and Tours පෞද්ගලික සමාගමේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ පාපැදි සවාරියක් ජූනි 29 කොළඹදී පැවැත්විණි. කිලෝමීටර් 20ක දුරකින් යුතු ඊට සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්, කර්මාන්ත සහකරුවන් සහ අන්තර්ජාතික නියෝජිතයන් ඇතුළු පාපැදිකරුවෝ NKAR සන්නාමය සහිත ටී-ෂර්ට්වලින් සැරසී සිටියහ. 
එම සවාරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථාන රැසක් ආවරණය විය.  “Charity Challenge by Team NKAR” යනුවෙන් නම්කර තිබූ එම සවාරිය සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ හා සභාපති නිල්මින් නානායක්කාර මහතාගේ සංකල්පයකි. කාර්ය මණ්ඩලය විසින් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. 
සංචාරක ක්ෂේත්‍රයට සහ සමාජයේ අභිවෘද්ධියට NKAR සමාගම වසර 45ක් පුරා දැක්වූ දායකත්වය සැමරීම, මෙරට පාපැදි සංචාරක ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම, තිරසාර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාපැදිය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජා මූලික වැඩසටහන් සඳහා දායකත්වය දැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර විය. එහිදී රැස්කරගත් අරමුදල් අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රෝදපුටු මිලදී ගැනීමට යොදාගන්නා ලදී. රෝදපුටු හතරක් පරිත්‍යාග කිරීම මූලික සැලසුම වුණත් ප්‍රමාණවත් පරිත්‍යාග ලැබුණු බැවින් අවසානයේදී රෝදපුටු අටක් පරිත්‍යාග කිරීමට හැකි විය. පාපැදි සවාරිය අතර කුඩා පරිමාණ වීදි වෙළෙන්දන් ඇතුළු කුඩා ව්‍යාපාරවලින් අවශ්‍ය ආහාර පාන සපයා ගැනීම විශේෂ සිදුවීමකි. කාර්ය මණ්ඩලය අතර කණ්ඩායම් බැඳීම සහ සෞඛ්‍යවත් ජීවන රටාවක වැදගත්කම ප්‍රවර්ධනය කිරීමටද හේතු වූ පාපැදි සවාරියට ආරාධිත අමුත්තන් සහ ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු 120කට අධික පිරිසක් සහභාගි වූහ. එහිදී අදහස් දක්වමින් නානායක්කාර මහතා මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය වූ සහ පැමිණ සිටි සියලු‍ දෙනාට ස්තුතිය පළ කළේය. 45 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ තවත් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, පාපැදි සවාරිය ඉන් පළමුවැන්න වේ.



අදහස් (0)

NKAR 45 වැනි සංවත්සරයට කොළඹ වටා පාපැදි සවාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1639 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site