ආරම්භක ව්‍යාපාර, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සමාගම් සහ රාජ්‍ය ව්‍යවසාය වෙත සම්මාන 30ක් පිරිනැමේ
ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (National Institute of Business Management - NIBM) විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන Best Innovative Business Model Awards (BIBMA) 2026 සම්මාන වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා සිදු විය.
මෙම සම්මාන වැඩසටහන යටතේ ආරම්භක ව්‍යාපාර (Start-ups), ක්ෂුද්‍රල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) මහා පරිමාණ සමාගම් සහ රාජ්‍ය ව්‍යවසාය යන අංශ හතර සඳහා සම්මාන 30ක් පිරිනැමීමට නියමිතය.
අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 15 දිනෙන් අවසන් වේ. මූලික ඇගයීමෙන් තෝරාගත් ආයතන නොවැම්බර් 15 වන දිනට පෙර දැනුම් දෙන අතර, ඉන් අනතුරුව අවසන් ඇගයීම් ක්‍රියාවලිය සහ මෙම වසරේ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සුදුසුකම් ලබනු ඇත.
BIBMA 2026 සම්මාන වැඩසටහන, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Business Model Canvas රාමුව (Osterwalder සහ Pigneur විසින් හඳුන්වා දෙන ලද) සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals – SDGs) ඒකාබද්ධ කරමින් සකස් කරන ලද පුළුල් ඇගයීම් ක්‍රමවේදයක් මත පදනම් වේ. අයදුම් ගාස්තු යටතේ ආරම්භක ව්‍යාපාර (Start-ups) – රු. 10,000, ක්ෂුද්‍රල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) – රු. 25,000, රාජ්‍ය ව්‍යවසාය – රු. 30,000 ක් සහ මහා පරිමාණ සමාගම් – රු. 75,000 ලෙස පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන NIBM සභාපති ආචාර්ය ඊ. එන්. චින්තක පෙරේරා මහතා, ‘‘මෙම වැඩසටහන, ශ්‍රී ලාංකීය ව්‍යවසායන්ට අනාගත අභියෝගවලට ඔරොත්තු දිය හැකි, රටේ ආර්ථික සංවර්ධනයට දායක වන, ශක්තිමත් හා අනාගතයට සූදානම් ව්‍යාපාරික ආකෘති ගොඩනැගීමට අවස්ථාව ලබා දේවි’’ යනුවෙන් පැවසීය.
NIBM අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.ඒ. කුලසූරිය මහතා අදහස් දක්වමින්, ‘‘මෙම වැඩසටහනෙන් ආයතනවලට ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට සාපේක්ෂව තම ව්‍යාපාර ඇගයීමටත්, නවෝත්පාදනය, තරගකාරීත්වය සහ දිගුකාලීන වර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.
BIBMA 2026 සඳහා සහභාගි වීමට කැමැති ආයතනවලට නිල BIBM වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd