IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ

NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd  සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 මහලේ දී විවෘත කරන ලදී. මෙම නව ආරම්භය පුද්ගල ජිවිත සංවර්ධනය මෙන්ම වේගයෙන් වෙනස්වන FinTech  කර්මාන්ත ක්ෂේත්‍රයේ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ සමාගමේ මෙහෙවරෙහි නව පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා NEXT Ventures හි CEO සයිඞ් අබ්දුල්ලා ජයෙඞ් සහ CSO සයිඩ් අබ්දුල්ලා ගලිබ් යන මහත්වරුන් සහභාගී වූ අතර එන්වෝයි ඕර්ටස් සමූහය, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ACMI සමූහය, ඕවර්සීස් රියල්ටි සිලෝන්, ඩයලොග්, SLT සහ ලැප්ටොප් LK ඇතුළු දිවයිනේ ප්‍රමුඛතම ආයතන නියෝජනය කරමින් ආරාධිත භවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. එසේම ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවාද සැසියක් ද මෙහිදී සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව පිළිබඳව  NEXT Ventures හි මානව සම්පත් ප්‍රධානී සුරිත් දේවගිරි මහතා මෙසේ සිය අදහස් දැක්විය. “NEXT Ventures  ගමන්මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස කොළඹ නගරයේ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘතවීම සැලකිය හැකියි. එසේම නිර්මාණශිලි පිරිස් අගයනු ලබන, දක්ෂතා වලින් පරිපුර්ණ, අධිෂ්ඨානශීලී නව පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අපි නිරතුරුවම අවධානය යොමුකළ යුතුයි.”‍

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාගමක් ලෙස  NEXT Ventures Lanka (Pvt) Ltd  හඳුන්වාදිය හැකිය. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් මව් සමාගම වන NEXT Holdings L.L.C-FZ යටතේ ක්‍රියාත්මක වනු ලබන මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයකින් එකක් ලෙස NEXT Ventures Lanka PVT Ltd  සැලකිය හැකි අතර එය ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ වර්ධනය වනු ලබන තාක්ෂණික කුසලතා මත සිය ව්‍යපාරික මෙහෙයුම් පුළුල් කරමින්, නව තාක්ෂණික සංවර්ධන ක්‍රම පදනම් කරගත් පාරිභෝගික විසඳුම් ලබාදෙමින්, ගෝලීය වශයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් උසස් සේවාවක් ලබාදීමට  NEXT Ventures Lanka  සමාගමේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් ඉවහල් වනු ඇත.

NEXT Ventures Lanka PVT Ltd  ජනාකීර්ණ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන අතර, පුද්ගලයා ප්‍රමුඛ කරගත් සංකල්පයක් මත පදනම්ව ක්‍රියාත්මක වනු ලබයි. වැඩබිම සංකල්පයෙන් ඔබ්බට ගොස් වඩාත් නිර්මාණශිලි හා සහයෝගීතාවෙන් යුත් කණ්ඩායමක් තුළින් නව නිර්මාණයන් සමාජගත කිරීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණ වනු ඇත.



අදහස් (0)

NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site