IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


NDB ලීසිං වෙතින් Perodua Axia G මෝටර් රථයට විශේෂ දීමනාවක්

NDB   ලීසිං වෙතින්, ශ‍්‍රී ලාංකිකයන්ට නවතම Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වීම සඳහා පහසුකම් සලසන අතර, දැරිය හැකි මිලකට වාහන හිමිකාරිත්වය ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං දීමනාවක් සපයා ඇත. 

ශ‍්‍රී ලංකාවේ Perodua Axia G මෝටර් රථයේ බලයලත් බෙදාහරින්නා වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඩ් සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය හරහා සීමිත කාලයක් සඳහා මෙම සුවිශේෂී දීමනාව ලබා දෙයි. පාරිභෝගිකයන්ට රු. 69,999/- ක අවම මාසික වාරිකයකට මෙම මෝටර් රථය මිලදී ගත හැකි අතර, මෙම නවීන සහ විශ්වාසනීය මෝටර් රථය එදිනෙදා ජීවිතයට ගැළපෙන කදිම තේරීමකි.

මෙම විශේෂ දීමනාව පාසල් ගුරුවරුන් සහ උපකාරක සේවා සපයන්නන්ගේ සිට රාජ්‍ය අංශයේ සේවකයන්, පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයන් සඳහා සකස් කර ඇත. NDB ලීසිං සේවාව එම වෘත්තිකයන් සිදුකරන කැපවීම හොඳින් හඳුනාගෙන ඇති අතර, ප‍්‍රායෝගික සහ ලාබදායී මූල්‍ය විසඳුම් සමඟ ඔවුන්ගේ විවිධාකාරී අවශ්‍යතා සඳහා සහය වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වේ.

ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව, භාවිතයේ පහසුව සහ ආකර්ෂණීය නිමැවුම සඳහා Perodua Axia G විකල්පයක් බවට පත්ව ඇත. NDB බැංකුවේ ඉක්මන් අනුමැතිය, නම්‍යශීලී ගෙවීම් සැලසුම් සහ වඩාත් සරල ලියකියවිලි ක්‍රියාවලිය සමගින්, විශ්වාසනීය ආනයනය සහ අලෙවියෙන් පසු සේවා, ගනුදෙනුකරුවන්ට ඉල්ලූම් කිරීමේ සිට මෝටර් රථය ලබාගැනීම දක්වා සහ එක් දිනක් තුළ නිවසට රිය රැගෙන යාම දක්වා සුමට ක්‍රියාවලියක් සහතික කර ඇත.

මෙම සුවිශේෂී දීමනාව ශ‍්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ වාහන සිහිනය සැබෑකර ගැනීමට උපකාර කිරීම සඳහා NDB ලීසිං හි අඛණ්ඩ කැපවීම පිළිබඳ තවත් එක් උදාහරණයකි. වාහනය අලු‍ත් කිරීමේදී හෝ ව්‍යාපාරයට ආයෝජනයක් ලෙස නව වාහනයක් මිලදී ගැනීමේදී, විශ්වාසදායක මූල්‍ය මග පෙන්වීම සහ ගැළපෙන ලීසිං විකල්ප සමඟ ඔබේ ගමනට සහය වීමට NDB බැංකුව සෑම මොහොතකම සූදනමින් සිටියි.



අදහස් (0)

NDB ලීසිං වෙතින් Perodua Axia G මෝටර් රථයට විශේෂ දීමනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site