ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප‍්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම්දාම මූල්‍යකරණය (Supply Chain Finance) සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් වන TradeLinc හඳුන්වා දීමට NDB බැංකුව පසුගියදා කටයුතු කළේය.
රට තුළ ක්‍රියාත්මක ඩිජිටල් පරිවර්තනයට සමගාමීව සහ ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සහ ඔවුන්ගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ගැළපෙන විසඳුම් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති TradeLinc පද්ධතිය NDB බැංකුවේ මූල්‍ය තාක්ෂණයේ නව මිණුම් දණ්ඩක් නිර්මාණය කරයි.
NDB කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද TradeLinc, ශ‍්‍රී ලංකාවේ අද්වතීය වෙළෙදපොළ ගතිකත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව නිර්මාණය කර ඇත. අන්තර්ජාතික පද්ධති මෙන් නොව TradeLinc සැපයුම් දාම මූල්‍යකරණයේ පිරිවැය කාර්යක්ෂමතාව සහ නම්‍යශීලි විසඳුම් ලබා දෙමින්, ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර මුහුණ දෙන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් ලබා දේ. සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, 24/7 පුරා පහසුකම් සලසන මෙම පද්ධතිය ව්‍යාපාරවලට ක්ෂණික අරමුදල් සඳහා අසමසම ප‍්‍රවේශයක් ලබා දෙමින් ව්‍යාපාරවල ඇතිවන මූල්‍ය අභියෝග සඳහා විශ්වාසයකින් සහ කඩිසරව මුහුණ දීමට ඔවුන් සවිබල ගන්වයි.
සැපයුම් දාම මූල්‍යකරණය සඳහා නිර්මාණය වූ මෙම නවෝත්පාදන ප‍්‍රවේශය ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් වෙමින් තාක්ෂණික ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන National Best Quality Software Awards (NBQSA) හිදී සම්මානයටද පාත‍්‍ර විය. ගෝලීය තරගකාරීත්වය පවත්වාගෙන යමින් දේශීය අවශ්‍යතා සපුරාලන අන්තර්ජාතික මට්ටමේ විසඳුම් ලබා දීමෙහි NDB බැංකුවේ ඇති කැපවීම මෙම සම්මානය මඟින් තහවුරු කෙරේ.
සැපයුම් දාම දෘශ්‍යතාව වැඩිදියුණු කිරීම සහ සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ ආයතනික හවුල්කරුවන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් TradeLinc ව්‍යාපාර සඳහා පරිවර්තනීය අත්දැකීමක් ලබා දේ. එහි තත්‍යකාලීන අවබෝධය විනිවිදභාවය සහ විශ්වාසය සහතික කරන අතර මෙම පද්ධතිය ද්‍රවශීලිතාව කෙරෙහි අවදානය යොමු කිරීමෙන් සමාගම්වලට ප‍්‍රමාදයකින් තොරව සංවර්ධන අවස්ථා අත්කර ගැනීමට අවශ්‍ය කාර්ය ප්‍රාග්ධනය ඇති බවටද සහතික කරයි.
ආයතනික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම ශක්තිමත් කිරීමේ NDB බැංකුවේ පුළුල් දැක්ම ද TradeLinc මඟින් විදහා පායි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
NDB බැංකුව TradeLinc ඇරැඹීමෙන් සැපයුම්දාම මූල්‍යයේ වෙනසක්