IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


NDB බැංකුව ACH Education ආයතනය සංවිධානය කළ Open Day වැඩසටහන් සමග එක්වෙයි


ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ අධ්‍යාපන අවශ්‍යතා බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, NDB බැංකුව පසුගියදා රත්නපුර සහ මීගමුව යන ප‍්‍රදේශ වලACH Education ආයතනය විසින් සංවිධානය කරන ලද Open Day වැඩසටහන් සඳහා සහභාගී විය. 

විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන් සඳහා සහභාගිවන්නන්ට NDB බැංකුව විසින් පිරිනමනු ලබන සුවිශේෂී මූල්‍ය විසඳුම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, ඔවුන්ට ගෝලීය අධ්‍යයන අවස්ථා ගවේෂණය කිරීමට ඉතා වටිනා අවස්ථාවක් ලබා දෙන ලදී.

NDB බැංකුවේ Elavate කණ්ඩායමේ නියෝජිතයන් සිසුන් සහ ඔවුන්ගේ පවුල් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින්, විදේශයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය මූල්‍ය අංශය පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත පැකේජයක් වන බැංකුවේ Student File යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. අධ්‍යාපන ණය සහ විදේශ පේ‍්‍රෂණ සහායේ සිට සිසුන් සඳහාම වෙන්වූ උපදේශන සේවා දක්වා, Student File පහසුකම මඟින් සිසුන්ට තම අධ්‍යයන අභිලාෂ කෙරෙහි විශ්වාසයෙන් යුතුව අවධානය යොමු කිරීමට ඉඩ සලසන විධිමත් වූ සහ අවසානය දක්වා ස්ථීර විසඳුමක් හිමිකරදෙන සේවාවකි.

ගනුදෙනුකරුවන් සඳහා තවත් පහසුවක් එක් කරමින් සියලූ කටයුතු සඳහා එක් සම්බන්ධතා ස්ථානයක් ලබා දෙමින්, NDB බැංකුව මේ සඳහාම කැපවූ Elavate නිලධාරීන් යොමුකොට ඇත. එම නිලධාරීන් විසින් සිසුන් විදේශගතව සිටින මුළු කාලය පුරාවටම විශ්ව විද්‍යාලයට අවශ්‍ය ගෙවීම් සහ අදාළ වියදම් කළමනාකරණය සිදු කරයි. මෙම සිසුන් සඳහාම වෙන්වූ සේවාව හරහා සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩ මූල්‍ය සහයෝගය සහ මානසික සුවය ලබා දීම සහතික කරයි.

ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ACH Education ආයතනය සමඟ සම්බන්ධවීම හරහා විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීම්, වීසා සැකසුම් සහ විශ්ව විද්‍යාල තුළ ආරක්ෂිත, නම්‍යශීලී සහ කාලෝචිත බැංකු පහසුකම් පිළිබඳ විශේෂඥ මඟපෙන්වීම සමඟින් සම්පූර්ණ කිරීමට NDB බැංකුව සමත් වේ. මෙම සහයෝගීතාවය මඟින් සිසුන්ට නිවැරදි අධ්‍යයන මාර්ග සොයා ගැනීමට පමණක් නොව, ඔවුන්ගේ විදේශ අධ්‍යාපන සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වෙත ප‍්‍රවේශය ලබා ගැනීමද සහතික කරයි.



අදහස් (0)

NDB බැංකුව ACH Education ආයතනය සංවිධානය කළ Open Day වැඩසටහන් සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site