IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැලු‍ම් ක්ෂේත්‍රයේවිශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැලු‍ම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, ටී ෂර්ට්, කමිස, ක්‍රීඩා ඇඳුම් වැනි කාන්තා සහ පිරිමි ඇගැලු‍ම් එහි නිෂ්පාදන අතර වේ. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නවීන විලාසිතාවලට අනුව මසා නිම කළ ඇඟලු‍ම් කල් පැවැත්මෙන් ඉහළ අතර සුව පහසුව සහතික කරයි. 
විවිධ ප්‍රමාණ, මෝස්තර සහ වර්ණවලින් ඇගැලු‍ම් මිල දී ගත හැකිය. ඉතා ඉක්මනින් සහ විශ්වාසනීය ලෙස නියමිත වේලාවට ඇණැවුම් භාර දෙයි. එය Moon K Apparel වෙතින් ඇගැලු‍ම් මිල දී ගන්නා පාරිභෝගිකයන්ට විශාල පහසුවකි. ගුණාත්මකභාවය සහ සාධාරණ මිල එක් කරමින් ඇඟැලු‍ම් නිපදවන එම ආයතනයේ කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සේවා සපයයි. Moon K Apparel දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. 2024දී පැවති People’s Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ඇගැලු‍ම් සමාගමට හිමි සම්මානයත්, වනිතාභිමානී 2025 සම්මාන උළෙලේදී මෝස්‌තර නව්‍යකරණ විශිෂ්ටතා සම්මානයත් දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. පසුගියදා පැවති CEMS-Global USA’s Textile Series ශ්‍රී ලංකා අදියරට එම ආයතනය සහභාගී වූයේ ගෝලීය ඇගැලු‍ම් ක්ෂේත්‍රයේ නවතම වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලැබීම ඉතා වැදගත් බැවිනි. Textech, Colombo Yarn & Fabric Show, Dye+Chem Sri Lanka වැනි වැඩසටහන්වලදී නව අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමට ඔවුන්ට හැකි විය. 

 



අදහස් (0)

Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site