IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


Mahindra Ideal ෆිනෑන්ස් සියයට 204ක බදු පෙර ලාබ වර්ධනයක් වාර්තා කරයි

Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා 

 

Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාබයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්‍යකරණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයයි.
අදාළ කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 47කින් රු. බිලියන 1.85ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර සමාගමේ බදු පෙර ලාබය (PBT) සියයට 204කින් ඉහළ ගොස් රු. මිලියන 477 ක් වී ඇති අතර බදු පසු ලාබය (PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 374කින් වර්ධනය වී රු. මිලියන 209ක් වී ඇත. 
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance  හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසුවේය.’වාහන ආනයනය නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගත් පසුව, ශ්‍රී ලංකාව පුරා විවිධ වාහන සන්නාම මූල්‍යකරණය සඳහා ඉල්ලු‍මේ ස්ථාවර වර්ධනයක් අපට දැකගත හැකි වුණා. අපගේ වාහන ආනයනකරුවන්ට, අලෙවිකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගැළපෙන සේවා අඛණ්ඩව ලබා දීමෙන් සහ ණය දීමේ ගුණාත්මකභාවය මෙන්ම විචක්ෂණශීලිව පිරිවැය කළමනාකරණය කිරීමෙන් මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී අපට ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුණා. 
“ඉදිරියේදී අපි මෙම වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අරමුණු කරන අතර අපගේ විශාල පරිමාණයෙන් මුදල් ණයට ලබා ගන්නා ව්‍යාපාරිකයන් සහ තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ සිහින කරා ළඟා වීමට උපකාරී වන වගකිවයුතු හා වටිනාකම් මත පදනම් වූ ණය විසඳුම් ලබා දීමට අප කැපවී සිටිනවා.’’ 
සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී  MIFL  හි මුළු වත්කම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව සියයට 54 කින් රු. බිලියන 22.1 ක් දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය විය. මෙම වර්ධනය මධ්‍යම ප්‍රමාණයේ මූල්‍ය සමාගමක් ලෙස සමාගමේ තත්වය ශක්තිමත් කළේය. තවද සමාගමේ මුළු ණය ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 84 කින් රු. බිලියන 20.4 ක් දක්වා වර්ධනය වූ අතර මෙම වර්ධනයට හේතු වුයේ තනි පුද්ගල ණය සඳහා ඇති දැඩි ඉල්ලු‍ම සහ MIFL ප්‍රධාන පාරිභෝගික කණ්ඩායම්වල විශ්වාසය දිනා ගනිමින් උපායමාර්ගිකව වර්ධනය වීමයි. මේ අතර ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාව හේතුවෙන් සමාගමේ ආදායම් පිරිවැය අනුපාතය පසුගිය වසරට සාපේක්ෂව සියයට 54කින් වැඩිදියුණු විය.



අදහස් (0)

Mahindra Ideal ෆිනෑන්ස් සියයට 204ක බදු පෙර ලාබ වර්ධනයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site