IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘Made in Sri Lanka’ ආරුගම්බේදී අද ඇරඹෙයි

භානුක අමරසිංහ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙෙළඳ ප්‍රදර්ශනය මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව පවසයි. ඒ අනුව අද (29) සිට 31 දක්වා පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. 

ගුණාත්මක තත්වයේ ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන රැසක් සහිත වෙළෙඳ කුටි 60කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වෙයි. එසේම විනෝදාත්මක සැණකෙළියක් ලෙසින් සංවිධානය කර ඇති මෙවර Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ ඔවුන් සමගින් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාවද උදා වනු ඇතැයිද සංවිධායකයෝ පවසති. එසේම ප්‍රදර්ශනය හරහා මිලදී ගන්නා භාණ්ඩ විදේශයන්ට ප්‍රවාහනය කරදීම සදහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම්ද සලසා ඇතැයි සඳහන් වෙයි.



අදහස් (0)

‘Made in Sri Lanka’ ආරුගම්බේදී අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site