භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගතහැකි, වසර පහකින් කල් පිරෙන ආකාරයට මෙම ණයකර නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ.
ඒ යටතේ මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරෙන අතර. එක් කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මේ හරහා රැස් කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 500 කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරේ. මෙම නිකුතු දෙක හරහාමණයකර කොටස් මිලියන 10ක් නිකුත් කෙරෙන අතර, සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1කි. මෙම ණයකර නිකුතුව සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් MBSL සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 18
547
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
MBSL වෙතින් රු.බි.1ක ණයකර නිකුතුවක්