

හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සඳුන් ලක්මාල් ශිෂ්‍යයාට හිමි ලැප්ටොප් පරිගණකය Laptop.lk ආයතනයේ සභාපති ෆාමි ස්මයිල් මහතා අතින් පිරිනැමූ අවස්ථාව. ඉන්දියාවේ ලොනෝවෝ ආයතනයේ නවීන් කෙජ්රිවාල් මහතාද පසෙකින් සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ Lenovo පරිගණක සඳහා බලයලත් අලෙවි නියෝජිත Technocity Pvt Ltd හි Laptop.lk ආයතනය, දිස්ත්‍රික් 25ම නියෝජනය වන පරිදි තෝරාගත් අපොස උසස් පෙළ සිසුන් පිරිසකට පසුගියදා නවීන Lenovo ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කළේය. ඔවුන්ගේ අධ්‍යාපනික දක්ෂතා ජාතික මට්ටමින් ඇගයීම සහ කැපී පෙනෙන අධ්‍යාපනික දක්ෂයන් හඳුනා ගැනීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.
මෙම ඇගයීම් ප්‍රදානෝත්සවය කොළඹ 606 The Address හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් අෂ්රොෆ්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්ෂවරු, Lenovo South Asia සහ Lenovo India නියෝජිතයන්, Laptop.lk සහ Technocity ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, විදුහල්පතිවරු, ගුරුවරු, මවුපියන් සහ සම්මානලාභී සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සෑම සිසුවකුටම Lenovo ලැප්ටොප් පරිත්‍යාග කිරීමෙන් ඩිජිටල් තාක්ෂණ පරතරය අවම කර, නවීන තාක්ෂණය මත පදනම් වූ ලෝකයක ඉදිරියට යාමට අවශ්‍ය මෙවලම් දක්ෂ තරුණ පරම්පරාව වෙත ලබා දීම තම අරමුණ බව Laptop.lk සමාගම සඳහන් කළේය.
Laptop.lk, ශ්‍රී ලංකාවේ විශාලතම Lenovo බලයලත් බෙදාහැරීමේ ජාලයකින් යුත් ආයතනයක් ලෙස, තාක්ෂණික සහාය සහ අලෙවියෙන් පසු සේවා සමග Original Lenovo නිෂ්පාදන සපයමින් රට පුරා සිසුන්, අධ්‍යාපන ආයතන, ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන වෙත ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයට ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.
Technocity සභාපති ෆාමි ඉස්මායිල් මහතා මෙසේ පැවසුවේය. “විශිෂ්ට ජයග්‍රහණයක් සෑමවිටම ආරම්භ වන්නේ කුඩා අවස්ථාවකිනි. ඒ අනුව, මෙම දක්ෂ සිසුන් විශාල ඉදිරි ගමනක් සඳහා පළමු පියවර තැබීමේ කැපවීම හා උත්සාහය මේ වන විට පෙන්නුම් කර තිබේ. අප සමාගම, ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපනය සඳහා කරන මෙවැනි ආයෝජන, අපේ රටේ අනාගතයට කරන වැදගත්ම ආයෝජනයක් වනු ඇත. නවීන තාක්ෂණය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන දේශීය සමාගමක් ලෙස, එය අප සලකන්නේ ජාතික වගකීමක් ඉටු කිරීමක් ලෙසිනි.”
නව පරපුරේ නායකයන් සහ නවෝත්පාදකයන් ගොඩනැගීම සඳහා Laptop.lk තවදුරටත් කැප වී සිටින බවද ෆාමි ඉස්මායිල් මහතා සඳහන් කළේය.
ඡායාරූප: ගයාන් අමරසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd