IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


La Quinta by Wyndham සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවටත්

භානුක අමරසිංහ


ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පිහිටි හෝටල් සමාගම් සමූහයක් වන Wyndham Hotels & Resorts මගින් පවත්වාගෙන යන La Quinta by Wyndham සන්නාමයේ සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට එම සමාගම අදහස් කරගෙන සිටින බව වාර්තා පවසයි. 
Wyndham Hotels & Resorts සමාගම ඉදිරි වසර 10 තුළදී ආසියානු කලාපයේ සිදුකරන සිය මෙහෙයුම් පුළුල් කිරීම යටතේ මෙම හෝටලය ඉදිකිරීම සැලසුම වී තිබේ. එහිදී ඉන්දියාවේ ප්‍රමුඛතම හෝටල් සමූහයක් වන Cygnett Hotels and Resots හා එක්ව Wyndham Hotels & Resorts සමාගම මෙම මෙහෙයුම් පුළුල් කිරීම සිදු කිරිමට බලාපොරොත්තු වෙයි.
ඒ යටතේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය තුළ ඉදිරියේදී හෝටල් 60කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීම සැලසුම වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියානු කලාපය වෙත පැමිණෙන ඉහළ මට්ටමේ ධනවත් සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම මෙම ආයෝජනය සඳහා හේතුව වී තිබේ.
Wyndham Hotels & Resorts සමාගම දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය තුළ Ramada by Wyndham, Howard Johnson by Wyndham සහ Wyndham Garden යන සන්නාමවලින් යුත් හෝටල් 70 ක් පමණ කළමනාකරණය කර පවත්වාගෙන යයි.
කොළඹ ගාලු‍මුවදොර ආසන්නයේ පිහිටි Ramada Colombo හෝටලය මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි Ramada Seeduwa හෝටලයත් Wyndham Hotels & Resorts සමාගම මගින් මෙරට තුළ පවත්වාගෙන යන හෝටල් දෙකකි. 



අදහස් (0)

La Quinta by Wyndham සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site