IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


LB Finance වෙතින් වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

පාරිසරික තිරසාරභාවය සඳහා එල් බී ෆිනෑන්ස් ආයතනයේ කැපවීම ලොවට විදහාපාමින් 2025 ලෝක පරිසර දිනය නිමිත්තෙන් කොල්ලු‍පිටිය සිට බම්බලපිටිය දක්වා වෙරළතීරයේ මහා පරිමාණයේ වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කෙරුණි.
 ”‍නාගරික වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම”‍ යන තේමාව යටතේ පැවති මෙම උත්සවය ජුනි 5 වැනි දින පෙ.ව. 9:00 ට කොල්ලු‍පිටිය දුම්රිය ස්ථානය අසලින් ආරම්භ විය. මෙම වැඩසටහන රජය විසින් මෙහෙයවනු ලබන මුලපිරීමක් වන ක්ලීන් ශ්‍රී ලංකා පරිසර ආරක්‍ෂණ වැඩසටහන සමඟ සහයෝගයෙන් පවත්වන ලද අතර පාරිසරික ප්‍රතිෂ්ඨාපනය සහ ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් අත්වැල් බැඳගත්තේය.
වැලි කඳු ස්ථාවර කිරීම සහ වෙරළ ඛාදනය අවම කිරීමේ ඵලදායීතාවය සඳහා ප්‍රසිද්ධ ‘‘ස්කැයිවෝලා තක්කඩ’’ සහි ‘‘ස්කැයිවෝලා ප්ලු‍මෙයිරි’’ ඇතුළු දේශීය වෙරළබඩ වෘක්‍ෂලතා පැළ 6,000 කට අධික ප්‍රමාණයක් සිටුවීම උත්සවයේ කැපී පෙනෙන අවස්ථා අතර විය. මෙම ව්‍යාපෘතිය නගරයේ ස්වාභාවික බාධක පද්ධති ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් ඉහළ යන දේශගුණික අභියෝග මධ්‍යයේ පාරිසරික හායනයෙන් සමුද්‍ර මාවත (Marine Drive) ආරක්‍ෂා කිරීම අරමුණු කරයි. මෙම සංරක්‍ෂණ මෙහෙයුමට එල් බී ෆිනෑන්ස් කාර්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සාමාජිකයන්, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාකාරී සහභාගීත්වයක් දක්නට ලැබුණි.
වෙරළබඩ ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම සහ නාගරික වෙරළ තීරයන් ආරක්‍ෂා කිරීමේදී දේශීය වෘක්‍ෂලතාදියෙන් සිදුවන කාර්යභාරය පිළිබඳව සහභාගිවන්නන් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වන ලදි.
මෙම අවස්ථාවට එක්වෙමින් මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා තිරසාර සංවර්ධනය සඳහා සහයෝගී ප්‍රවේශයන්හි වැදගත්කම අවධාරණය කළ අතර නාගරික මන්ත්‍රී ව්‍රායි කැලින් බල්තසාර් ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
එල් බී ෆිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ නිරෝෂන් උඩගේ මහතා රැස්ව සිටි පිරිස අමතමින් තිරසාරභාවය සඳහා තම ආයතනයේ අඛණ්ඩ කැපවීම මෙසේ පැහැදිලි කළේය : ”‍මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය ආරක්‍ෂා කිරීම පිළිබඳ අපගේ ගැඹුරු විශ්වාසය පිළිබිඹු කරයි. නාගරික වන වගාවේ සිට කඩොලාන ප්‍රතිසංස්කරණය දක්වා දිගුකාලීන ක්‍රියාමාර්ග හරහා, ඕනෑම තත්ත්වයකට නම්‍යශීලී ප්‍රජාව සහ හරිත හෙට දවසක් ගොඩනැගීම අපගේ අරමුණයි.”‍



අදහස් (0)

LB Finance වෙතින් වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17820 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site