IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරක් බදුල්ලේ

ජනතාවට නීතිය වඩා හොඳින් අවබෝධ කරගැනීම සහ නීතියේ සහය ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), ‘Know Your Neethi’ යන තේමාව යටතේ නීති ආධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමුවැන්න, බදුල්ල දිස්ත්‍රික්කයේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
2025 අගෝස්තු 1 සහ 2 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහනෙන් ප්‍රදේශවාසී සියලු‍ දෙනාට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට, රජයේ ආයතන සමග සම්බන්ධ වීමට, නීතිය පිළිබඳව දැනුවත් කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. 
නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම කඳවුරේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයන්, සුළු ජනවාර්ගික කණ්ඩායම් සහ අවම පහසුකම් සහිත පුද්ගලයන් වෙනුවෙන් නීතිමය සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත. 



අදහස් (0)

‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරක් බදුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site