KDK ශ්‍රී ලංකා කණ්ඩායමට මෑතකදී මැලේසියාවේ සංචාරයක නිරත වෙමින් KDK සන්නාමය ලොව පුරා පිළිගත් නවීන ඉංජිනේරු තාක්ෂණය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි පිටුපස සිටින විශිෂ්ට කාර්ය මණ්ඩලය සමීපව අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමි විය.
මෙම සංචාරයට ජපානය සහ හොංකොංහි KDK කණ්ඩායම් සාමාජිකයන් ද එක්වූ අතර, එය KDK සන්නාමයේ ගෝලීය සහයෝගීතාව සහ ලොව පුරා පාරිභෝගිකයන් වෙත උසස් තත්වයේ නවෝත්පාදන විසඳුම් ලබා දීමේ පොදු කැපවීම තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක් විය.
සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට KDK හි නවීන නිෂ්පාදන පහසුකම් නිරීක්ෂණය කිරීමටත්, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නංවන KDK හි නවතම විදුලි පංකා (H56DV) තාක්ෂණය ඇතුළු අති නවීන නවෝත්පාදන පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමටත් අවස්ථාව උදා විය. එම නවීන තාක්ෂණය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට KDK ආයතනය ශ්‍රී ලංකාවේදි ආඩම්බරයෙන් සූදානම් වේ.
ශ්‍රී ලංකාවේ KDK විදුලි පංකා සඳහා එකම බලයලත් නියෝජිත ආයතනය වන්නේ, අංක 35/3, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05. ලිපිනයේ පිහිටා ඇති  එලයිට් රේඩියෝ සහ ඉංජිනේරු (පුද්) සමාගම ආයතනයයි.