අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ

ප්‍රධාන ව්‍යාපාරික නිලධාරිනී නාමලී ඒ. සිල්වා

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට පැමිණීමට සමත් වී තිබේ. එය පසුගිය වසරේ 7 වැනි ස්ථානයෙහි පැවති අතර, මින් පෙනී යන්නේ Janashakthi Life සම්බන්ධයෙන් පාරිභෝගික ආදරය සහ විශ්වාසය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතින බවයි.

LMD Most Loved Brands ශ්‍රේණිගත කිරීම ලංකාවේ සන්නාම සම්බන්ධයෙන් ජනතාව තුළ සැබැවින්ම පවතින ආකල්ප පිළිබිඹු කරන දර්ශකයක් ලෙස සැලකේ. එබැවින් එය Janashakthi Life සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් තුළ පැවති ඇල්ම සහ විශ්වාසය තවදුරටත් තහවුරු වීමක් ලෙස හැඳින්විය හැක. LMD සඟරාව විසින් සිය පාඨකයන්ගේ අදහස් විමසමින් වාර්ෂිකව සිදුකරනMost Loved Brands සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කෙරේ. 

“මෙම පිළිගැනීම හුදෙක් ශ්‍රේණිගත කිරීමක් පමණක් නොවෙයි. එය කාලයත් සමග අප උපයාගත් ජනතා විශ්වාසයේ මනා පිළිබිඹුවක්. මෙරට වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 05 අතරට පැමිණීමෙන් පෙනී යන්නේ, ජනතාවගේ අපේක්ෂා සහ අපගේ අරමුණු මැනැවින් සමපාත වී ඇති බවයි. Janashakthi Life සමාගමේ සෑම රක්ෂණ සැලසුමක්ම, සෑම හිමිකම් මුදල් ගෙවීමක්ම, සෑම ගනුදෙනුවක්ම මගින් නිරූපණය වන එක් ප්‍රධාන සාධකයක් තිබෙනවා. ඒ ගනුදෙනුකරුවන්ට අත්වැලක් අවශ්‍යම අවස්ථාවලදී ඔවුන් සවිබල ගැන්වීමේ අභිලාෂයයි. ඒ අභිලාෂය යථාර්ථයක් බවට පත් කිරීමට දිනපතා කැපවන අපගේ කාර්ය මණ්ඩලයේ සියලු‍ම දෙනාට මෙන්ම, අප කෙරෙහි සිය නොසැලෙන විශ්වාසය රැඳවූ අපගේ ගනුදෙනුකරුවන්ට මේ ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුතුයි. මෙය නැවතී සැමරිය යුතු ජයග්‍රහණයක් නොව, පන්නරය ලබමින් තවදුරටත් ඉදිරියට යා යුතු ජයග්‍රහණයක් ලෙස අප දකිනවා. ඒ පන්නරයෙන් තව තවත් නවෝත්පාදන හඳුන්වා දෙමින්, ජනතාවට පෙරටත් වඩා විශිෂ්ට සේවයක් ලබාදීමට අප සූදානම්.” Janashakthi Insurance PLC සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය. 

“විශ්වාසය යනු අපගේ මූලික පදනමයි. ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට නම්කරනු ලැබීම අපට බෙහෙවින් වටිනා ජයග්‍රහණයක්. ගනුදෙනුකරුවන්ට අනන්‍ය වූ අවශ්‍යතා හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් නිර්මාණය කරමින්, ජනතාවට සිතේ සැහැල්ලු‍වෙන් යුතුව ජීවත් වීමට අත්වැලක් වන සවිමත් මූල්‍ය රැකවරණයක් පිරිනැමීම සඳහා අප ගන්නා නිරන්තර උත්සාහය මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා.” Janashakthi Insurance PLC සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරිනී නාමලී ඒ. සිල්වා මහත්මිය පැවසුවාය. 

මූල්‍ය ස්ථාවරත්වය, වගකීම්සහගත ආයතනික පාලනය, අඛණ්ඩ සේවා සම්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය නවෝත්පාදනය යන සාධක, Jnashakthi Life සන්නාමයට මෙවැනි ජනතා ප්‍රසාදයක් හිමිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. Lanka Rating Agency වෙතින් Stable Outlook සහිත (A-) මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් හිමි වී තිබීම සමාගමේ ශක්තිය, සාර්ථක කළමනාකරණය සහ දීර්ඝකාලීන ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරයි. 

මීට පෙර CA Sri Lanka TAGS Awards 2025 හිදී GWP අගය රු. බිලියන 10 ක් දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමටද Janashakthi Life සමත් විය. එය සමාගමේ විනිවිදභාවය, වාර්තාකරණය සහ ආයතනික පාලනය වෙනුවෙන් ලැබුණු ගෞරවනීය ඇගයීමක් ලෙස හැඳින්විය හැක.

මෙම ඇගයීම් මගින් පිළිබිඹු වන ශක්තිය හා ස්ථාවරත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන් කෙරෙහි වන තම වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමටද සමාගමට හැකි වී තිබේ.