
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයකු වන භාරත ලංකාගේ මහතා සමග එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙහිදී දිනුම් ඇදීමකින් තෝරාගන්නා ලද සිසු සිසුවියන් 5 දෙනකුට ටැබ්ලට් පරිගණක හිමිවූ අතර, ඩබල් ඩෙකර් බසයක නැගී කොළඹ නගරයේ සංචාරයක නිරත වීමටද අවස්ථාව හිමි විය. මෙය අධ්‍යාපනයෙන් මෙරට සිසු පරපුර සවිබල ගැන්වීම සඳහා Janashakthi Life දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.
එල්. තරිඳු ධනුෂ්ක, ඒ.ජී. හසන්ති සංජලිකා සත්සරණි, කේ.එම්. නේහා දෙව්ලින්දි ගුණතිලක, ඩබ්ලිව්. දිනක්ෂ සස්විඳු කරුණාතිලක සහ කේ. ලකිඳු අයේෂ් ඉඳුවර යන සිසු සිසුවියෝ මෙලෙස ‘ශිල්ප ශක්ති’ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණ හිමි කර ගත්හ. Janashakthi Insurance සමාගමේ මානව සම්පත් ප්‍රධානී ධනුෂ්ක සමරසිංහ, ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී නාමලී ඒ සිල්වා, ජ්‍යෙෂ්ඨ විධායක (අලෙවි සේවා) උමේෂ් මධුෂාන්ත් සහ ක්‍රමෝපාය හා සැලසුම්කරණ ප්‍රධානී ජූඩ් සිල්වා යන මහත්ම මහත්මීන් විසින් එම සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd