රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. 
 
ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, ඔවුන්ට විශිෂ්ට හා සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු‍ පහසුකම්වලින් සමන්විතය. මේ හේතුවෙන් මින් ඉදිරියට තංගල්ල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට, මෙතෙක් ලබාදුන් සේවාවටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට Janashakthi Life සමාගමට හැකි වනු නිසැකය.