IMG-LOGO

JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දී, දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හමුවේ පවා විශිෂ්ට මට්ටමේ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. JAT සමූහයේ බදු - පසු ලාභය, පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 232 කින් වර්ධනය වී රු. මිලියන 717 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය මාස 12 ක කාලයේ බදු - පසු ලාභය රු. මිලියන 1,102 ක් ලෙස වාර්තා වී ඇත.

අදාළ මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ ආදායම සියයට 72 කින් වර්ධනය වී ඇති අතර, එහි දළ ලාභාන්තිකය සියයට30 කට ඉහළ මට්ටමක ස්ථාවරව පැවතිණි. පෙර වසරේ සමස්ත ආදායමෙන් සියයට 9 ක් වූ අපනයන ආදායම, මෙම වසරේ දී සියයට 22 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පසුගිය මාස 12 තුළ සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 2.16 ක් වී ඇති අතර එය ආයෝජකයනට සුබදායී ප්‍රවණතාවක් වනු ඇත. මෙම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගම සමත් වී ඇත්තේ, සාමාන්‍යයෙන් JAT  සමාගමේ මෙන්ම සමස්ත ආලේපන කර්මාන්තයේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා වන කාර්තුව ලෙස සැළකෙන 4 වන කාර්තුවට පෙර ය. සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයේ මූල්‍ය වර්ෂයක සමස්ත බදු-පසු ලාභයෙන් සියයට 45 ක් පමණ 4 වැනි කාර්තුවේ දී වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. “අපගේ මූලික මහජන කොටස් නිකුතු වෙන මාස 6 ක් වැනි කෙටි කාලයකින් අනතුරුව, පසුගිය කාර්තුවේ දී අප වාර්තා කරගෙන තිබෙන මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල අපගේ ආයෝජකයන් වෙත අනාවරණය කරන්නේ ඉතාමත් සතුටින්. දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හා අනෙකුත් අභියෝග, අවිනිශ්චිත විනිමය අනුපාත සහ ගෝලීය වෙළඳපොළේ අමුද්‍රව්‍ය හිඟය වැනි ගැටලු‍ හමුවේ පවා මෙම ප්‍රතිඵල වාර්තා කර ගැනීමට අප සමත් වී තිබෙනවා. වෙළඳපොළේ තත්ත්වයට මැනැවින් අනුගත වෙමින්, දළ ලාභාන්තිකය යහපත් ලෙස පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම සැපයුම්කරුවන් සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතා වලින් උපරිම ප්‍රයෝජන ලබමින් සහ Lean හා Six sigma වැනි මූලධර්ම ඔස්සේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලී නිරන්තරයෙන් වැඩි දියුණු කරමින්, දළ ලාභාන්තිකය සම්බන්ධ ඉලක්ක ළඟා කර ගැනීමට අප සමත් වී තිබෙනවා.”

2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 තුළ WHITE by JAT නිෂ්පාදන එකතුවේ අලෙවිය සියයට 62 කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව තීන්ත බුරුසු සහ දැව ආලේපන කාණ්ඩවල අලෙවිය පිළිවෙළින් සියයට 57 කින් සහ සියයට 33 කින් වර්ධනය වී ඇත. බංග්ලාදේශයේ JAT හෝල්හි ව්‍යාපාර කටයුතු වලින් ලැබූ ආදායම සියයට 379 කින් ඉහළ ගොස් තිබේ.

-සටහන- චම්න්ද මුණසිංහ 



අදහස් (0)

JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 561 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 995 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site