ජාත්‍යන්තර ව්‍යාපාර වෙත අවශ්‍ය පිටස්තකරණ  (outsourcing) සේවා සම්පාදන ආයතනයක් වන Investlab Business Solutions සිය 5 වැනි සංවත්සරය සමරයි. ඒ වෙනුවෙන් පසුගියදා සැමරුම් උත්සවයක් සංවිධානය කෙරුණු අතර, එහිදී එම ආයතනයේ නවතම ව්‍යාපාර පිවිසුම වන Rightvantage Corporate Solutions නිල වශයෙන් එළිදැක්වීමත් සිදුවිය.
ව්‍යවායිකාවක වන කාරෙන් රුබේරා මහත්මිය විසින් 2021 වසරේදී ආරම්භ කරන ලද Investlab ආයතනය අද වනවිට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත ප්‍රධාන කාර්යාලයක් සහිතව ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. එහිදී ඉදිකිරීම්, නීති, ගිණුම්කරණ සහ මූල්‍ය යනාදී ක්ෂේත්‍ර වෙත අවශ්‍ය ව්‍යාපාර ක්‍රියාවලි පිටස්තරණ විසඳුම් සඳහා අවශ්‍ය මෙරට දක්ෂ වෘත්තිකයන් බඳවා ගැනීම්, උපදෙස් ලබාදීම්, ව්‍යාපාර යෝජනා සකස් කිරීම්, මිලකරණය ඇතුළු සේවා සම්බන්ධ කිරීම සිදු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන කාරෙන් රුබේරා මහත්මිය, “අද වන විට Investlab මගින් ඔස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ සහ කැනඩාවේ පිහිටි ව්‍යාපාර වෙත අවශ්‍ය පිටස්තකරණ සේවා ලබා දෙනවා. Rightvantage එහි මීළඟ අවස්ථාවයි. ඒ හරහා දැනට ලබා දෙන සේවාවලට අමතරව තවත් වැඩි සේවා ලබාදීම අරමුණයි.“
විශේෂයෙන්ම  Investlab ආයතනය කාන්තා වෘත්තිකයන් වෙනුවෙන් ආරම්භ වූ බවත්, දරුවන් හදා ගැනීම වැනි කාරණා හේතුවෙන් සිය වෘත්තීන්ට සමුදෙන කාන්තාවන් බොහෝ දෙනකු මෙම Investlab හරහා නැවතත් සිය වෘත්තීන් වෙත යොමුවීමක් සිදුව ඇති බවත් ඇය සඳහන් කළාය.
“අපගේ අලු‍ත්ම සාමාජිකයා වන Rightvantage හරහා සමාගම් වෙත අවශ්‍ය මානව සම්පත්, නීති, මූල්‍ය, ක්‍රමෝපායික සහ අනුකූලතා විසඳුම් සඳහා සහාය දක්වනවා. ඒ හරහා මෙරට සිටින සුදුසුකම් ලත් දක්ෂ වෘත්තිකයන් බොහෝ පිරිසකට අවස්ථා ලබාදීම අදහසයි.“ යනුවෙන්ද ඇය පවසා සිටියාය.