IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


IIHS සහ Surrey විශ්වවිද්‍යාලය එකතුවෙන් හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක්

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්වවිද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීමෙන් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ටSurrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ. 
මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යා පීඨය සහ IIHS ආයතනය ඒකාබද්ධ වී හෙද සහ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට, වෘත්තීය සංවර්ධනය ඇති කිරීමට සහ ගෝලීය සෞඛ්‍යය තහවුරු කිරීමට දායක වීමට නියමිතය. ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන්, අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පාඨමාලා, පීඨ සහ සිසු හුවමාරු වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. 
Surrey විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාතනය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (BSc Psychology) සහ ශාස්ත්‍රපති (MSc Psychology) උපාධි වැඩසටහන් දියත් කිරීමට ඇති අවස්ථා අධ්‍යයනය කරමින් සිටී. ඒවා MSc උපාධි වැඩසටහන් ලෙස පිරිනැමීමට නියමිතය.
හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සිසුන්ට වෘත්තීය වටිනාකම්, සන්නිවේදන හැකියා, අන්තර් පුද්ගල කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇත. එම වැඩසටහන නායකත්වය, ආයතනික සිද්ධාන්ත, මහජන සෞඛ්‍යය, පර්යේෂණ උපක්‍රම වැනි උසස් විෂය රැසක්ද හඳුන්වා දී තිබේ. සිසුන්ට Nursing and Midwifery Council (NMC) ප්‍රමිති පිළිබඳ අවබෝධයක්ද ලැබෙනු ඇත. 
“Surrey විශ්වවිද්‍යාලය සමග එක් වෙමින් අපි ගෝලීය වශයෙන් පිළිගත් හෙද අධ්‍යාපන විද්‍යාවේදී උපාධියක් සඳහා සෘජු ගමන් මාර්ගයක් විවෘත කර තිබෙනවා. මෙම වැඩසටහන සම්පූර්ණ කරන සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයකු වීමටත්, වැඩිදුර අධ්‍යාපන අවස්ථා ළඟා කර ගැනීමටත් හැකි වෙනවා. අප ආයතනය මේ වන විට හෙද නිලධාරී 4000කට වැඩි පිරිසක් අති සාර්ථක ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. එවැනි පසුබිමක QS ශ්‍රේණිගත කීරීම්වල 285 වැනි ඉහළ අගයක් සහිත Surrey විශ්වවිද්‍යාලය සමග එක් වෙමින් මෙම වැඩසටහන දියත් කීරීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, පළමු උපාධි අධ්‍යාපන පීඨාධිපති, විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේය.
Surrey විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා පීඨයේ (FHMS) අන්තර් කාලීන උපකුලපති සහ විධායක පීඨාධිපති, පශු වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබර්ටෝ ලා රැජියෝන් මෙසේ පැවසීය. “IIHS ආයතනය සමග එක් වෙමින් මෙම විද්‍යාවේදී උපාධිය පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. වෘත්තීය හෙද අධ්‍යාපනය පිළිබඳ අප සතු විශේෂඥතාව ජාත්‍යන්තර හවුල්කරුවකු සමග බෙදා ගැනීමට ලැබීම වැදගත් සන්ධිස්ථානයක්. මෙම වැඩසටහන හරහා උපාධිධාරීන්ගේ වෘත්තීය ජීවිතයට අවශ්‍ය දැනුම, කුසලතා, සහ විශ්වාසය ගොඩනගන්නට පුළුවන්.”
“ශ්‍රී ලංකාව මේ වන විට කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. මෙම හවුල්කාරිත්වයෙන් ආසියානු කලාපය පුරා විසිරී සිටින සිසුන්ට IIHS ආයතනය පිරිනමන එක්සත් රාජධානියට අනුබද්ධ උසස් අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ප්‍රවේශය එකිනෙකට යා කිරීමෙන් වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට පැහැදිලි මාවතක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.” FHMS හි ජාත්‍යන්තර සහකාර පීඨාධිපති සහ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය ෂෙලිනි සුරේන්ද්‍රන් පැවැසුවාය.

 



අදහස් (0)

IIHS සහ Surrey විශ්වවිද්‍යාලය එකතුවෙන් හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 694 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17845 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site