Hikvision Sri Lanka  සමාගම විසින් සංවිධානය කරන ‘Shaping Intelligence – Smart Building Summit 2026’  සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, තාක්ෂණික විශේෂඥයන්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයන් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. 
මෙම සමුළුව ඉහළ ආරක්ෂාවක්, කාර්යක්ෂමතාවක්, තිරසාරභාවයක් සහ වඩාත් බුද්ධිමත් කළමනාකරණ ක්‍රමවේද ඔස්සේ ගොඩනැගිලි මෙහෙයුම් කටයුතු සාර්ථක කරගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ  අන්තර්ජාලය ඒකාබද්ධ කළ තාක්ෂණික විසඳුම් (AIoT)  උපකාරී වන ආකාරය ප්‍රදර්ශනය කිරීම සඳහා මහඟු‍‍‍ අවස්ථාවක් විය. විශේෂඥ දේශන, තාක්ෂණික නිදර්ශන සහ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ඉදිරිපත් කළ කරුණු හරහා, විවිධ ක්ෂේත්‍රවල ඒකාබද්ධ ස්මාර්ට් ගොඩනැගිලි පද්ධතිවල (Smart Building Ecosystems) වර්ධනය වෙමින් පවතින භූමිකාව පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට සහභාගි වූ පිරිසට හැකියාව ලැබිණි.
මෙම සමුළුවට 157 දෙනකු පමණ ලියාපදිංචි වී සිටි අතර, ස්මාර්ට් ගොඩනැගිලි විසඳුම් කෙරෙහි ක්ෂේත්‍රයේ පවතින ඉහළ උනන්දුව සහ කැපවීම එම ඉහළ සහභාගීත්වයෙන් මැනවින් පැහැදිලි වේ. සංචාරක හා ආගන්තුක සත්කාර, ඉදිකිරීම්, නිශ්චල දේපළ, කාර්යාල අවකාශ සහ දේපළ කළමනාකරණය, උපදේශන සේවා, පද්ධති ඒකාබද්ධකරණය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ආරක්ෂිත සහ තිරසාර පරිසරයක් නිර්මාණය කරන අතරතුර, තම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට ව්‍යාපාරික ආයතන නිරන්තරයෙන් උත්සාහ කරයි. එවැනි පසුබිමක, ආරක්ෂක පද්ධති, පහසුකම් කළමනාකරණය සහ ගොඩනැගිලි බුද්ධි තොරතුරු එකම වේදිකාවක් හරහා බාධාවකින් තොරව සම්බන්ධ කරන මෙවැනි නව්‍ය තාක්ෂණයේ වැදගත්කම මෙම උත්සවයේ දී අවධාරණය කෙරිණි.
මෙහිදී හඳුන්වා දෙනු ලබන නවතම ස්මාර්ට් ගොඩනැගිලි ප්‍රවණතා, AIoT තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගොඩනැගිලි කළමනාකරණ විසඳුම් සහ නවීන යටිතල පහසුකම් කෙරෙහි පවතින අපේක්ෂා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම ක්ෂේත්‍රයේ සමීපතමයන්, උපදේශකයන්, පද්ධති ඒකාබද්ධ කරන්නන් සහ තාක්ෂණික විශේෂඥයන් සමග ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගොඩනැගිලිවල අනාගතය පිළිබඳව වටිනා අදහස් හුවමාරු කර ගැනීමට ද මෙහි දී අවස්ථාව හිමි විය.
Hikvision  සමාගම විසින් මෙහි දී වාණිජ ගොඩනැගිලි, කාර්මික පහසුකම්, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරන ලද, AIoT තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් විසඳුම් එකතුවක් ප්‍රදර්ශනය කරන ලදී. බුද්ධිමත් ආරක්ෂක පද්ධති, ස්මාර්ට් දොර අගුල්, පිරික්සුම් දොරටු සහ බාධක ගේට්ටු ඇතුළු උසස් ප්‍රවේශ පාලන තාක්ෂණය මෙන්ම වාහන නැවැත්වීමේ කළමනාකරණ පද්ධති සහ හදිසි ගිනි ගැනීම් පිළිබඳ  අනතුරු ඇඟවීමේ විසඳුම් ද ඒ අතර විය.
මීට අමතරව, LED  සංදර්ශක, ඩිජිටල් සංඥා පුවරු  සහ අන්තර්ක්‍රියාකාරී ස්මාර්ට් බෝඩ් ඇතුළු Hikvision හි ස්මාර්ට් සංදර්ශක නවෝත්පාදන මෙන්ම වෘත්තීය ශ්‍රව්‍ය සහ පොදු ඇමතුම් පද්ධති ද අත්විඳීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබුණි. තවද, එක්ස්-රේ ස්කෑනර් (X-ray Baggage Scanners)  සහ ලෝහ අනාවරක වැනි ආරක්ෂක පරීක්ෂණ නිෂ්පාදන මෙන්ම ඒකාබද්ධ පහසුකම් කළමනාකරණ වේදිකා ද මෙම ප්‍රදර්ශනයේ දී කැපී පෙනුණි.