IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


HUTCH සහ SLIIT ආයතනය එකතුවෙන් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා ජාලයක් වන SLIIT එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ හරහා තොරතුරු තාක්ෂණ ජාලකරණය පමණක් නොව විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ වෘත්තීය දැනුම සපයන සැසිද පවත්වනු ලබන අතර ඊට ERP දත්ත විශ්ලේෂණ soft skill  සහ රැකියා මාර්ගෝපදේශනයද ඇතුළත්ය.
මෙම වැඩසටහනේ පළමු සැසිය පසුගිය පෙබරවාරි 21 වැනිදා මාලඹේ SLIIT ආයතනයේදී  පැවැත්වුණු අතර එහිදී Networking, Computer Systems සහ Cloud Infrastructure Management  යන විෂයන් සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමු කෙරිණි. HUTCH සමාගමේ ප්‍රධාන තොරතුරු සහ තාක්ෂණික නිලධාරී අසංග රණසිංහ මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදි. මෙහිදී SLIIT ආයතනයේ සිසුන්ට තමන් ලබන දැනුම අනාගත වෘත්තීය ජීවිතය තුළදී ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් හිමි විය. 
මෙහි ඉදිරි පියවරක් වශයෙන් පෙබරවාරි 26 දින රාගම වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමටද Future Connect  වැඩසටහනට සම්බන්ධ වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාකර දෙන ලදී. මෙහිදී ඔවුන්ට Network Operations Center (NOC), Data Centers සහ Battery Rooms වැනි විවිධ අංශ දැකබලා ගැනීමටත්ල ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටත් අවස්ථාව හිමි විය.  
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HUTCH සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසුවේ අනාගතයේදී තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ඔවුන් වෙත ලබාදීමට HUTCH සෑම විටම කැප වී සිටින බවයි. Future Connect වැනි වැඩසටහන් ඔස්සේ මෙරට සිසු පරපුරේ දැනුම වැඩිදියුණු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට HUTCH සමාගමට හැකි වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත රැකියා ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා HUTCH දරණ නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරකි. මේ ආකාරයට උසස් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර ක්ෂේත්‍රය අතර සම්බන්ධතා ගොඩනංවමින් රටේ ඩිජිටල් අධ්‍යාපනය වැඩිදියුණු කරන අතරම අනාගත පරපුර තුළින් දක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් බිහිකිරීම සඳහා දිගින් දිගටම දායක වීම HUTCH සමාගමේ අරමුණ වී තිබේ. 

 



අදහස් (0)

HUTCH සහ SLIIT ආයතනය එකතුවෙන් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site