
තිරසාරභාවය සඳහා වන සම්මාන අතරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරනු ලබන 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලෙහි (BCCSA) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය.
ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය, සමාජීය යහපැවැත්ම, පාරිසරික ගුණාත්මකභාවය හා සේවක සුබසාධනය ප්‍රමුඛ කරගනිමින් දේශයේ තිරසාර සංවර්ධනය උදෙසා හැටන් නැෂනල් බැංකුවෙහි මෙහෙවර නිසි ඇගයීමකට ලක් කරමින් ඉහත සම්මාන උළෙලෙහි සමස්ත ජයග්‍රහණය ඇතුළුව ප්‍රධාන සම්මාන හතක් HNB වෙත හිමිවිය. මෙමගින් HNB හි පාරිසරික, සමාජීය හා ආයතනික පාලන (ESG) ප්‍රමිතීන් ස්ථාපනය කිරීම වෙනුවෙන් බැංකුව පෙන්නුම් කර ඇති දිගුකාලීන කැපවීම මෙන්ම සාර්ව ආර්ථික තිරසාරභාවය උදෙසා එහි දායකත්වය මැනවින් පිළිබිඹු කරයි.
සමස්ත ජයග්‍රහණයට අමතරව හැටන් නැෂනල් බැංකුව හොඳම ආයතනික පුරවැසියන් දසදෙනා සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීම, තිරසාරභාවය සඳහා වන උපායමාර්ග සැලැස්ම මෙන්ම ක්‍රමානුකූල පාරිසරික කළමනාකරණය, සමාජීය වගකීම හා ආයතනික යහපාලනය සඳහා වන ඇගයීමකි. එසේම පාරිසරික, සමාජ හා ආර්ථික ඇගයීම් අංශයෙහි (Triple Bottom Line) ආර්ථික දායකත්වය සඳහා වන සම්මානය ද එම අංශයෙහි අඛණ්ඩ වර්ධනය සඳහා වන සම්මානය ද බැංකු විසින් දිනා ගන්නා ලදී. තවද ව්‍යාපාර සංවර්ධනය උදෙසා බැංකුවෙහි මෙහෙවර, මූල්‍ය පද්ධතියෙහි ශක්තිමත්භාවය සඳහා වන දායකත්වය සහ ජාතික තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම උදෙසා HNB හි කැපවීම මෙම සම්මාන තුළින් අවධාරණය කරයි.
බැංකු ක්ෂේත්‍රයේ හැටන් නැෂනල් බැංකුව සතු ප්‍රමුඛතාවය තවදුරටත් සනාථ කරමින් තිරසාරභාවය සඳහා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙසින් ද HNB සම්මානයට පාත්‍ර විය.
ඩිජිටල් තාක්ෂණය හා මූල්‍ය සාක්ෂරතාවෙන් සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම ඉලක්ක කොටගත් zHNB SOLO පොඩි පොඩි බිස්නස්’ ව්‍යාපෘතිය ද මෙම සම්මාන උළෙලෙහි ජයග්‍රාහී ව්‍යාපෘතියක් ලෙසින් අභිසෙස් ලැබීය.
2025 වසරේ හොඳම ආයතනික පුරවැසියන් සඳහා වන මෙම උළෙලෙහිදී HNB ලබාගත් සමාජ ජයග්‍රහණවලින් බැංකුවේ පාරිසර තිරසාරභාවය, ආයතනික සමාජ වගකීම, මූල්‍ය අන්තර්ගතභාවය මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන දිගුකාලීන සැලැස්ම පෙන්නුම් කරයි.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
HNB හොඳම ආයතනික පුරවැසියා ලෙස අභිසෙස් ලබයි