IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


HNB නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත පාරිභෝගික ඒකකයක් පසුගිය දා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකයෙන් පුළුල් පරාසයක බැංකු සේවා සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ලබා දෙයි. තවද මෙම විවෘත කිරීමෙන් බැංකුව හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහය අතර පවතින දිගුකාලීන ශක්තිමත් සම්බන්ධතාව මැනවින් පෙන්නුම් කරන අතර, City of Dreams Sri Lanka සඳහා අරමුදල් සැපයීමේදී HNB ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.
මෙම පාරිභෝගික ඒකකය මගින් උපදේශන සේවා සහ ස්වයං සේවා යන්ත්‍ර ඇතුළුව HNB හි සියලුම බැංකු සේවා සපයයි. එමෙන්ම එය සංචාරකයන්, අවට පදිංචිකරුවන්, ව්‍යාපාර සහ City of Dreams Sri Lanka වෙත පැමිණෙන සියලුම දේශීය හා ජාත්‍යන්තර අමුත්තන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.
City of Dreams Sri Lanka දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. තවද මෙරට ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අරමුණු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීම මගින් HNB ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ ව්‍යාපාරික අංශවල ප්‍රධාන, වර්ධනය වන ක්ෂේත්‍රවල කොටසක් වීමට දරන අඛණ්ඩ උත්සාහය පෙන්නුම් කරනවා. City of Dreams Sri Lanka එහි විශාලත්වය සහ සංචාරක කර්මාන්තයට ධනාත්මක ලෙස බලපෑම් කිරීමට එයට ඇති හැකියාව නිසා මෙම නව පාරිභෝගික ඒකකය ශ්‍රී ලංකාවේ වැදගත් ආයෝජනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. සෑම නවීන බැංකු අවශ්‍යතාවක් සඳහාම ආරක්ෂිත, වෘත්තීයමය සහ පහසු බැංකු සේවා සපයන මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය තුළ ක්‍රියාත්මක වන එකම බැංකුව වීම ගැන HNB නිහතමානීව ආඩම්බර වෙනවා.” 
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් City of Dreams Sri Lanka  හිදී නවතම HNB පාරිභෝගික ඒකකය උත්සවාකාරයෙන් විවෘත කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.



අදහස් (0)

HNB නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site